නිරුවත් පින්තූර හදල facebook දාපු අයට එරෙහිව නීති ක්‍රියා මාර්ග - Gossip king

Click Here>>>>

නිරුවත් පින්තූර හදල facebook දාපු අයට එරෙහිව නීති ක්‍රියා මාර්ග



ජනප්‍රියතම මෝස්‌තර නිරූපණ ශිල්පිණියක්‌ සහ නිළියක වන පියුමි හංසමාලි ගේ බව පැවසෙන අඩ නිරුවත් සෙල්ෆි ඡායාරූපයක්‌ මේ දිනවල දී  facebook  ඔස්‌සේ හුව

මාරුවෙමින් පවතිනවා. මේ ගැන ඇතැමුන් කියන්නේ පියුමි ජනප්‍රිය වෙන්න හිතාගෙන හිතාමතාම පළකළා කියලා. මේ ඡායාරූපය කිසියම් පුද්ගලයෙක්‌ විසින් පියුමිගේ නිල facebook පිටුවේ පළකිරීමට කටයුතු කරමින් සිටින බවටයි, පැවසෙන්නේ. කොහොම වුණත් මේ කතාවල ඇත්ත නැත්ත දන්නේ පියුමි හංසමාලි හින්දා අපි ඇයව ඇමතුවා.

පියුමිටත් කාලෙන් කාලෙට හරි ප්‍රශ්න නේද? මේ ලෝකයේ ජීවත්වෙන හැම ගැහැනියකටම කාලෙන් කාලෙට ප්‍රශ්න ඇතිවෙනවා. ඉතිං ඒවා එච්චර හිතන්න ඕනෑ නැහැ. මගේ ප්‍රශ්නවලට නම් මා ළඟ විසඳුම් තියෙනවා.

facebook හින්දා හරි ප්‍රශ්න නේද? මම එහෙම හිතන්නේ නැහැ.

එතකොට මුහුණුපොතේ පළවූ ඡායාරූපය කාගේද? ඒක බොරුවක්‌. ඒ ගැන මම නීති මාර්ගයෙන් කටයුතු කරලයි තියෙන්නේ. ඉතිරි කතාව ඉදිරියේදී කියන්නම්.

තරහකාරයෝ ඉන්නවාද? අපොයි මටද?. ඕනෑ තරම් හරහකාරයෝ ඉන්නවා. කොහොමත් කවුරු හරි ඉස්‌සරහට එනවාට කැමැති නැහැ. නිරූපණ ක්‍ෂේත්‍රයෙත් එහෙමයි. ඒ වගේම රංගන ක්‍ෂේත්‍රයෙන් එහෙමයි.

ඇයි එහෙම කියන්නේ ? මොකද අලුත් කෙනෙක්‌ ක්‍ෂේත්‍රයට එනකොට පරණ අයට වැඩනැතිවෙනවා. ඒක හින්දා ඔවුන් කැමැති නැහැ අලුත් මුහුණක්‌ ක්‍ෂේත්‍රයට එනවාට.

හැබැයි සමහරු කියනවා ඔබම ජනප්‍රිය වෙන්න මේ වැඩේ කළා කියලා ? මිනිස්‌සු දන්නවා මම දැනටමත් ජනප්‍රියයි කියලා. අනෙක්‌ අය වගේ අඩනිරුවත් පින්තූර ෙaජැ ඉදදන දාලා ජනප්‍රිය වෙන්න මට වුවමනා නැහැ. ජනප්‍රියත්වයක්‌ තියෙන නිසානේ මා ගැන මේ විදිහට කතාබහ වෙන්නේ.

නීතියෙන් සාධාරණයක්‌ ඉටුවේවි කියලා හිතනවාද? ඔව්. පැහැදිලිවම. දැනටමත් මම මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරලයි තියෙන්නේ. ඉදිරියේදී වැඩි විස්‌තර කියන්නම්කෝ. අනික මේ පින්තූරය එඩිට්‌ කරලයි දාලා තියෙන්නේ. මීට කලිනුත් ඔය වගේ දේවල් සිද්ධ වුණා. මේ වැඩේ කරපු කෙනා මම නීතියෙන් මගේ ඉදිරියට ගේනවා.

කවුද මේ වැඩේ කරන්න ඇත්තේ ? එහෙම දැනට සැක හිතෙන පුද්ගලයෙක්‌ නැහැ. අනික මට ගොඩාක්‌ ඉරිසියාකාරයෝ ඉන්නවා. මම දැන්ම ඒ ගැන මොකුත් කියන්නේ නැහැ අනික සැක පුද්ගලයාව මාධ්‍යයට කිව්වා කියලා ප්‍රතිඵලයක්‌ නැහැනේ.

ෆේස්‌ බුක්‌ නොහිටියා නම් මේ ප්‍රශ්න නැහැනේ ? මම එහෙම හිතන්නේ නැහැ. මම හරිම ආසයි. ඒකයි මම මොනදේ කළත් මුහුණුපොතට දාන්නේ.

ශෂි එක්‌ක තිබුණ ප්‍රශ්න ඉවරයි කියන්නේ ? ඔව්. ඒ ප්‍රශ්නය දැන් ඉවරයි. මොකද මම කිසිම කෙනෙක්‌ එක්‌ක තරහවෙලා ඉන්න කෙනෙක්‌ නෙමෙයි. ඒ හින්දා ශෂී එක්‌කත් තරහා නැහැ.

අන්තර්ජාලය හරහා දෙදෙනා කතාබහ කරනවාලු නේද? ශෂී ගැන කතා කරන එක නවත්වමු.

ඔයා හින්දා ආක්‍ෂාගේ නම කැතවුණා කියලා ආක්‍ෂා පසුගිය කාලයේ මාධ්‍ය කියලා තිබුණා නේද? මමත් එහෙම කතාවක්‌ කියලා තිබුණා පත්තරයකින් දුටුවා. මම ඔය නුගේගොඩ රණ්‌ඩුවට ගිය හින්දානේ එහෙම කියන්න ඇත්තේ. එයා ගැනත් අපි කතා නොකර ඉමු.

ප්‍රශ්න කියන දේවල් ගැන මොකද හිතන්නේ ? ප්‍රශ්නවලින් මම කවදාවත් සැලෙන්නේ නැහැ. අනික කාටවත් මාව වට්‌ටන්න බැහැ.

මේ දේවල් නොකර හිටියා නම් මොන ප්‍රශ්නයක්‌වත් නැහැනේද? මම එහෙම හිතන්නේ නැහැ. මම මේ ක්‍ෂේත්‍රයට ආදරෙයි. කවදාවත් එහෙම හිතලා නැහැ. මට කොහොමටත් ප්‍රශ්නවලට මුහුණදෙන්න හොඳ ශක්‌තියක්‌ තියෙනවා. ඒ වගේම මම එඩිතරයි.

ඔබත් ජනප්‍රිය වෙන්න ඕනෑම දෙයක්‌ කරන චරිතයක්‌ද? කාගේ හරි පවුලක්‌ කඩලා, එහෙමත් නැතිනම් කාවහරි රවට්‌ටලා සල්ලි කීයක්‌ හරි අරගෙන මම ජීවත්වෙලා නැහැ. හැබැයි කලා ක්‍ෂේත්‍රයේ ඔය වැඩ කරලා ඕනෑ තරම් සල්ලි හොයන අය ඉන්නවා. මම ඒක දන්නවා. ඒක හින්දා මට අමුතුවෙන් ජනප්‍රිය වෙන්න දෙයක්‌ නැහැ. මම දැනටමත් ජනප්‍රිය වෙලා ඉවරයි. ඒක හින්දා මට අමුතුවෙන් ජනප්‍රිය වෙන්න දෙයක්‌ නැහැ.

ඇයි කේන්තියෙන් ? නැහැ, එහෙම දෙයක්‌ නැහැ. මම කොහොමත් ගොසිප්වල පින්තූර දාගෙන, ප්‍රවෘත්ති පළකරගෙන ජනප්‍රිය වුණ චරිතයක්‌ නෙමෙයි. මම ඒ තරම් මෝඩ නැහැ. හැබැයි සමහරු ඒ වැඩේ කරනවා මම දැකලා තියෙනවා. අපේ මෝඩ මිනිස්‌සු ගොසිප්වල පින්තූර, ප්‍රවෘත්ති පළකරවාගෙන ජනප්‍රිය වුණාට මට කමක්‌ නැහැ. හැබැයි මම එහෙම නැහැ. අනික ගොසිප් වෙබ් අඩවි මම කෙයාර් කරන්නේ නැහැ.

ඔබ කරන කියන දේවල්වලට සැමියා එකඟද? මගේ පෞද්ගලික ජීවිතය අහන්න එපා.

විවාහ ජීවිතය ගැන මාධ්‍යයට කියන්න අකමැතිද? මාධ්‍යයට කියලා මිනිස්‌සු දැනගත්තාට වැඩක්‌ නැහැනේ. ඒවා පත්තරවලට කියන්න මට වුවමනාවක්‌ නැහැ.

මවක්‌ වුණාට ඔබ තවමත් සුන්දරයි ? එකේ රහස මගේ වයස තවම පොඩියිනේ. ඒකයි මේ තවම සුන්දරව ඉන්නේ.
නිරුවත් පින්තූර හදල facebook දාපු අයට එරෙහිව නීති ක්‍රියා මාර්ග නිරුවත් පින්තූර හදල facebook දාපු අයට එරෙහිව නීති ක්‍රියා මාර්ග Reviewed by Animals world on 2:52:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.