මම රූ රැජනක් නිසා මම ලස්සනයි කියලා මම හිතනවා - දුෂේනි - Gossip king

Click Here>>>>

මම රූ රැජනක් නිසා මම ලස්සනයි කියලා මම හිතනවා - දුෂේනි

 මම රූ රැජනක් නිසා මම ලස්සනයි කියලා මම හිතනවා


රූ රැජනක් වුණ දුෂේනි නිළියකුත් වුණා නේද ඔව් ලක් රූ රැජනක් වුණ නිසාවෙන් මට උපුල් ජයසිංහ මහත්මයාගේ අලුත් නාට්‍යයකින් රංගනයට එන්න අවස්ථා ලැබුණා.

මට රංගන ශිල්පිනියක් වෙන්න මුලින්ම වරම් ලැබුණෙත් මේ නාට්‍යයෙන්. ආදරය ගින්දරක් ටෙලි නාට්‍යයෙන් රංගන ක්ෂේත්‍රයට කලඑළි බැස්ස දුෂේනිට ලැබෙන ප්‍රතිචාර කොහොමද? දැනට කොටස් 13ක් විතර තමයි විකාශය වුණේ. මේ ටෙලිනාට්‍යයේ උපේක්ෂා කියන චරිතයට දැනටමත් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ මගේ පළමුවැනි රංගන අත්දැකීම නිසා මං ඒ ගැන නිතරම හොයලා බලනවා.

මේ විදියට ප්‍රතිචාර ලැබෙන්නේ දුෂේනි මේ ක්ෂේත්‍රයට අලුත් මුහුණක් නිසාද? නැත්නම් දක්ෂතාවය නිසාද? ඇත්තටම කිව්වොත් මම රූ රැජනක් නිසා මම ලස්සනයි කියලා මම හිතනවා. මුලින්ම කාගෙ වුණත් හිත ඇදගන්නේ ලස්සනනේ. ඒත් මම හිතුවේ නැති විදියට මගේ රංගනයේ දක්ෂතා තියෙනවා කියලා හිතෙනවා. මම අති විශිෂ්ටයි කියන්නෙ නැහැ. මට තව ගොඩාක් දේවල් ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගන්නත් තියෙනවා. ලස්සන වගේම රංගන හැකියාවත් මේ ප්‍රතිචාරවලට හේතු වෙනවා කියලා හිතනවා.

දුෂේනි රංගනයට එන්න හීන දැක්ක කෙනෙක්ද? මුලින්ම මම 2015 වසරේ අවුරුදු කුමාරි තරගයට සහභාගි වෙන කොටවත් රංගනයට එන්න හීනයක් තිබුණෙ නැහැ. ඒත් මගේ ජීවිතේ මුල ඉඳලම මට අසම්පූර්ණ බවක් තිබුණා. අවුරුදු කුමාරි වෙලා අවුරුද්දක් ගත වුණාට පස්සේ තමයි රංගනයට එන්න අවස්ථාව ලැබුණේ. දැන් මට ජීවිතේ සම්පූර්ණ බවක් දැනෙනවා.

දුෂේනි වැඩිදුර අධ්‍යාපනය හදාරන්නේ වාණිජ අංශයෙන්. එතකොට වෘත්තීය විදියට තෝරා ගන්නේ මොන ක්ෂේත්‍රයද? මම තාමත් නිළියක් නෙවෙයි. මම හරිම අඩු වයසින් මේ ක්ෂේත්‍රයට ආවේ. තාමත් මම උසස් අධ්‍යාපනය හදාරනවා. ඒත් මම කලාවෙන් ඉවත් වෙන්නෙ නැහැ. වාණිජ අංශයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ ක්ෂේත්‍ර දෙකම සමබරව කරගෙන යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.

රංගනය තාවකාලික නැවතුමක් වෙන එකක් නැද්ද? රංගනය කවදාවත් තාවකාලික නවාතැනක් වෙන්නෙ නැහැ.

දවසින් දවස ක්ෂේත්‍රයට අලුත් මුහුණු එනවා. ඒත් රැඳෙන්නේ සුළු පිරිසයි. දුෂේනිට මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන් වෙයිද? කලා ක්ෂේත්‍රයට නිතරම ලස්සන අය, දක්ෂ අය එනවා. ඒත් මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න නම් ලස්සන වගේම දක්ෂකමත් තියෙන්නම ඕනෑ. ඒකාකාරී නොවී වෙනස් චරිත නිරූපණයට අවස්ථාව ලැබෙනවා නම් මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන්. මාත් උත්සාහ කරන්නේ ඒ වගේ වෙනස් චරිත කරන්න.

අලුතෙන් මේ ක්ෂේත්‍රයට එන සමහර නිළියෝ කියනවා අධ්‍යක්ෂකවරුන්ගෙන් නළුවන්ගෙන් ලැබෙන ආදර යෝජනාවලින් බේරිලා ඉන්න අමාරුයි කියලා. ඔබටත් එහෙමද? මේ ක්ෂේත්‍රයේ මට කිසිම කෙනෙක්ගෙන් මේ වෙනකන් ඔය කියන විදියේ ආදර යෝජනාවක් ඇවිත් නැහැ. මම යන හැම තැනම මගේ අම්මයි තාත්තයි දෙන්නම එනවා. මාත් එක්ක රඟපාන විශ්ව කොඩිකාර අයියත් හරිම සුහදව මාත් එක්ක වැඩ කරනවා. ඒ නිසා මම නම් ඔය කියන චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

දුෂේනිගේ ජීවිතේට මේ වෙන කොට විශේෂ කෙනෙක් ඉන්නවාද? නැහැ. දැනට නම් මට එහෙම කෙනෙක් නැහැ. මම තාත්තට හරිම ආදරෙයි. සමීපයි. ඒක මාව දන්න හැමෝම දන්න දෙයක්. ඒ නිසා මට පිට කෙනෙක්ගෙ ආදරය තවමත් ඕනෑ නැහැ කියලා හිතෙනවා.

රංගන ක්ෂේත්‍රයේ ඉදිරි බලාපොරොත්තු මොනවද? වෙනස් චරිතයකින් රංගනයට එන්නත් ඉදිරියේදී සිනමාවට එන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
මම රූ රැජනක් නිසා මම ලස්සනයි කියලා මම හිතනවා - දුෂේනි මම රූ රැජනක් නිසා මම ලස්සනයි කියලා මම හිතනවා - දුෂේනි Reviewed by Animals world on 10:51:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.