ත්‍රීවීල් වලට වඩා මිල අඩු රෝද හතරෙ වාහනේ ලංකාවට - Gossip king

Click Here>>>>

ත්‍රීවීල් වලට වඩා මිල අඩු රෝද හතරෙ වාහනේ ලංකාවට


ඊයේ පැවති මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ ත්‍රිරෝද රථයටත් වඩා අඩු මුදලකට රෝද හතරේ වාහනයක් රටේ ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බවයි. නමුත් එහිදී එම වාහනය කුමක්ද යන්න

හෙළි කෙරුණේ නැත. ඉන්දියාවේ බජාජ් සමාගම  මේ වන විට එම වාහනය වෙළෙද පොළට හදුන්වා දී ඇති අතර එය කොඩ්රිසයිකලය Qute නමින් නම් කර ඇත. මෙහි මිල අමෙරිකානු ඩොලර් 2000ක් (රුපියල් ලක්ෂ 3ක්) පමණ වේ.
අමින් රථ කිහිපයක් ශ්‍රී ලංකාවට මේ වනවිට ගෙන්වා ඇති අතර, මේ දිනවල එම රථ තත්ව පරීක්ෂාවට ලක්කරමින් ඇති බවද වාර්තාවේ. ළඟදීම මෙම කොඩ්රිසයිකලය මෙරට ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති අතර රජයේ බදු ඇතුළත්ව අළෙවි කෙරෙන මිල තවමත් තීරණය කර නැත.  මේවනවිට ලොව මිලෙන් අඩුම කාරය ලෙස සැලකෙන ටාටා නැනෝ රථයද මෙරටදී රුපියල් මිලියන 1.4ක් පමණ වේ. ඒ අනුව අපට මේ ලැබෙන රෝද හතරේ වාහනය ලෝකයේ මිල අඩුම කාරයද නොවේ.
පැයට කිලෝමීටර් 70 වේගයෙන් යා හැකි මෙම රථය නිපදවා ඇත්තේ නාගරික භාවිතය සඳහාය. රියැදුරුද සමග ගමන්කළ හැකි පුද්ගලයින් ගණන 04කි. පෙට්‍ර්ල් ලීටරයකින් කිලෝ මීටර් 36ක් ධාවනය කිරීමට හැකියාව ද ඇත.

 




ත්‍රීවීල් වලට වඩා මිල අඩු රෝද හතරෙ වාහනේ ලංකාවට ත්‍රීවීල් වලට වඩා මිල අඩු රෝද හතරෙ වාහනේ ලංකාවට Reviewed by Animals world on 9:43:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.