ඇගේ ඇස අග චිත්‍රපටයේ නිරුවත් දර්ශනවලට පෙනී සිටි රිතිකා - Gossip king

Click Here>>>>

ඇගේ ඇස අග චිත්‍රපටයේ නිරුවත් දර්ශනවලට පෙනී සිටි රිතිකා



නම මොකද්ද රිතිකා කියලා දැනගත්තම ඇතිනේද?
ඇයි ඔබට සම්පූර්ණ නම කියන්න බෑ වගේද? මට පාස්පෝට් එකක් හදන්නට නෙවෙයිනේ නේද? ඉගෙන ගන්න

 පාසල?
මිලාගිරිය ශාන්ත පාවුලු විද්‍යාලය පවුලේ විස්තර අම්මයි, තාත්තයි, නංගියි, මමයි

මේ දවස්වල මොකද කරන්නේ? 
ඇගේ ඇස අග චිත්‍රපටය පෙන්නනකල් බලා ඉන්නවා කොහොමද කලාවට එන්නේ? පෙරුම්පුරා ගෙනා ආ ගමනක් නෙවෙයි. මට හිතෙන්නේ කලාවට එන්නේ අහම්බෙන් කියලා.

ඔබට කොහොමද අශෝක හදගම මුණගැහෙන්නේ? ඇගේ ඇස අග චිත්‍රපටයේ රගපාන්න කෙරුණු තෝරාගැනීම් පරීක්ෂනයේදී.
චිත්‍රපටය සදහා මාව සුදුසුද කියලා බලන්න ඔහු ඔහුගේ සහාය අධ්‍යක්ෂක වන අමල් අල්විස්, නිෂ්පාදන කළමනාකරු වූ මමජුල පෙරේරා යට අයට කියලා තිබුණා. ඒ අනුව මම ඒ මූලික පරීක්ෂණයට ගියා. මාව තෝරා ගැනුණා.

අශෝක හදගම වැනි සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් යටතේ මුලින්ම සිනමාවට එන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ? සතුටක් වගේම වාසනාවක් කියලා හිතෙනවා. මට හිතෙනවා හොද ගමනක් යන්න හොද ආරම්භයක් මට හමුවුණා කියලා.

ඇගේ ඇස අග චිත්‍රපටයේ ඔබ නිරුවත් දර්ශනවලට පවා පෙනී සිටිනවා. එය අභියෝගයක් වුණේ නැද්ද? ඔබගේ පවුලේ උදවිය විරුද්ධ වුණේ නැද්ද?
චිත්‍රපයට නරඹන ඔබ එහෙම දැක්කට රූගත කෙරෙනකොට එහෙම අපහසුතාවක් දැනුණේ නැහැ. ඒ රූගත කිරීම් ඉතා පරිස්සමට සැලසුම් කර තිබුණා. ඔබ තිරයේ දකින්නේ චිත්‍රපටයේ චරිතයක් මිසක් මම නෙවෙයි. චිත්‍රපයට නරඹන කොට ඒ ඉන්නේ මමද කියා මටම විශ්වාස කරන්න බැරි තරමට ඒ චරතිය මගෙන් බොහෝ දුරස් එකක් බවට පත්වෙලා තිබුණා. ඒක එක්තරා විදියකට අති භයානක චරිතයක්. බෝම්බයක් වගේ. ඕනෑම ගැහැනියක් නැති ගන්වන එකක්. මමත් තිගැස්සුණා.

අගේ ඇස අග චිත්‍රපටයේ දී අමතක නොවන අත්දැකීම් එහෙම තියෙනවද? මුළු චිත්‍රපටයේ හැම මොහොතක්ම අමතක නොවෙන එකක්, චිත්‍රපටය තිරයේ දකිද්දී ඇත්තටම එහෙම අවස්ථා රගපෑවද කියලා හිතෙනවා. සිනමාව කියන්නේ මායාවක් ම තමයි නේද කියලා හිතෙනවා.

පසුගිය දවසක ඔබ රගපෑ ඇගේ ඇස අග චිත්‍රපටයේ විශේෂ දැක්මක් තිබ්බා. කොහොමද ලැබුණු ප්‍රතිචාර? මට හිතෙනවා චිත්‍රපටය එදා බලපු හැමෝම තිගැස්මකට ලක් කළා කියලා. මා ද ඇතුළුව ගොඩක් අය සතුටින් කතා කළා. ඒක සතුටක්.

ඔබෙන් ඇහුවොත් රතිකා කොඩිතුවක්කු මොන වගේ කෙනෙක්ද කියලා ඔබ දෙන උත්තරේ?
අනෙක් හැමෝම වගේ මාත් ගැහැනියක්.
ඇගේ ඇස අග චිත්‍රපටයේ නිරුවත් දර්ශනවලට පෙනී සිටි රිතිකා ඇගේ ඇස අග චිත්‍රපටයේ නිරුවත් දර්ශනවලට පෙනී සිටි රිතිකා Reviewed by Animals world on 12:00:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.