ඩිලානි ඇමෙරිකාවේ සැමියා ඉතාලි - දෙන්න මොනවද එහේ කරන්නේ - Gossip king

Click Here>>>>

ඩිලානි ඇමෙරිකාවේ සැමියා ඉතාලි - දෙන්න මොනවද එහේ කරන්නේ


අවුරුදු 13කට පස්සේ ලංකාවට ආවේග ඔව් දැන් ලංකාව වෙනස් වෙලාද? ඇත්තටම ලංකාවෙ ඇති ලස්සන බලන්න තවම වෙලාවක් ලැබුණෙ නෑ. ආපු ගමන්ම ,සිංගමචං චාලි, මංගල දර්ශනයට සහභාගි වුණාග එතැන ඉඳන් දිගටම මාධ්‍ය මිතුරො එක්ක ගනුදෙනු කරනවාග ටිකක් රටතොට බලාගන්නවත් වෙලාවක් නැති වුණාග හැබැයි ක්‍ෂේත්‍රයේ වෙනසක් නම් වෙලා කියලා හිතෙනවා. ඉස්සර වගේ නිර්මාණ නම් හැදෙන්නෙ නෑනේ.

නිර්මාණ අඩු වුණාට අලුත් මූණුවලින් අඩුවක් නෑරෑ ඔව්ග මමත් දැක්කාග ලස්සන ළමයි ටිකක් ක්‍ෂේත්‍රයට එකතු වෙලා ඉන්නවාග ඒ ළමයිගෙ දක්‍ෂතා පෙන්වන්න නිර්මාණත් හැදෙනවා නම් හොඳයි.

ඔයාගෙ සමකාලීනයන් අද ඉන්න තැන ගැන සතුටුදරෑ හුඟක් අයට කලාව මඟඇරිලාග සමහරු අතහැරලා. ඒ කාලේ සිනමාවට නැතුවම බැරිවුණ අයත් අද පේන්නේ ඉඳලහිටලග සංගීතාල දිල්හානි වුණත් වැඩිය නිර්මාණවලට දායක වෙන්නෙ නැති තරම්ග රන්ජන් නම් අනිත් අයට සාපේක්‍ෂව ටිකක් පේන්න ඉන්නවා.

ඔයා වගේම බිරින්දෑවරුල අම්මාවරු වුණ නිසා වෙන්න ඇති ඒ අයටත් එහෙම වුණේ? නෑ. මට නම් හිතෙන්නේ එදාට සාපේක්‍ෂව අද නිර්මාණ බිහි නොවෙන නිසයි එහෙම වෙලා තියෙන්නේ.

ඩිලානි ලංකාවෙ හිටියා නම් ඔයාටත් ඔය තත්ත්වයටම මුහුණදෙන්න වෙයිද? අනිවාර්යයෙන්මග මට විතරක් ඒ තත්ත්වය වෙනස් වෙන්නෙ නැහැනේ.

එහෙනම් ලංකාවෙන් ගිය එක ගැන සතුටු වෙනවා ඇති? එහෙම දෙයක් නැහැ. ඒ රටේ ඒ විදියට හැඩගැහෙන්න අපිට සෑහෙන්න කාලයක් ගියාග මොකද අපි ඒ රටට බොහොම සාමාන්‍ය මිනිස්සු ටිකක්. රස්සාවල් කරන්න අපිට වෙනම ඉගෙනගන්න වුණා. බොහොම සැපට පහසුවට ඉඳගෙන නෙවෙයි අපි අපේ දේවල් ගොඩනඟාගත්තේග ලංකාවෙ හිටියත් ඉතින් අපිට මහන්සි වෙන්න වෙනවනේ.

ඩිලානි ඇමෙරිකාවේ මොනවද කරන්නේරෑ රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගමක මම රූපලාවණ්‍ය උපදේශකවරියක්.

එතකොට ඔබේ සැමියාරෑ එයා ඉතාලි රෙස්ටුරන්ට් එකක වැඩ කරනවා.

සමන් පුෂ්පවර්ණ සංගීතයල ගායනය අමතක කරලදර? අමතක කරල නෑ. වෘත්තියක් විදියට නම් එහෙදි කරන්නෙ නෑග ඒත් අපි හතරදෙනා අපේ යාළුවො එකතු වුණහම සින්දු කියනවාල විනෝද වෙනවා.

ලංකාවෙන් ගියාට පස්සේ ආවෙම නැත්තෙ ඇයි? එහෙ ස්ථාවරත්වය හදාගන්න නම් එන්න බෑග ඊට පස්සෙ දුවගෙයි පුතාගෙයි පාසල් ගමන්ල අපේ රස්සාවල් මේ හැමදේම නිසා ලංකාවට එන දවස දවසින් දවස කල් ගියා.

අන්තිමට දුව නිළියක් නිසා අම්මාට ලංකාවට එන්න වුණා‍ෙඇත්තටම දුව නිසා නෙවෙයි මේ වතාවෙ මම ලංකාවට ආවෙග මගේ අම්මා බලන්නයි ආවෙ. අම්මා ඇක්සිඩන්ට් එකක් වෙලා අසනීපෙන් ඉන්නේ. මට අම්මාව ගොඩක් මඟඇරුණා. මම එයාව එහෙට ගෙන්නගන්න හැදුවා. ඒත් ඇවිදින්න අමාරු නිසා එන්නත් බෑ. එහෙ දේශගුණයට අම්මා කැමතිත් නෑ. ඒ නිසයි මම ලංකාවට ඇවිත් අම්මා බලලා යන්න හිතුවේ. ඒ අතරෙ තමයි කවීෂාගෙ චිත්‍රපටයත් රිලීස් වුණේ.

අම්මා අසනීප නොවුණා නම් ඩිලානි මේ ගමන එන්නෙ නැද්ද? අපි මේ අවුරුද්දෙ සමර් නිවාඩුවට කොහොමත් එන්න හිටියේග අම්මා අසනීප නොවුණා නම් රූගත කරන්න කවීෂා තනියම ආව වගේ මංගල දර්ශනයටත් එයා තනියම එන්න හිටියේ.

දුවගෙ රඟපෑම ගැන මොකද හිතෙන්නෙ?ඇත්තටම මට විශ්වාස කරන්නත් අමාරුයි. එයා මම හිතුවට වඩා සීයට සීයක් සාර්ථකයි.

ඇයි දුව ගැන ඒ තරම් අවතක්සේරුවක හිටියේ? එයා ලංකාවෙන් ගියේ පුංචි කාලේ. රංගනය ගැනවත් මේ ක්‍ෂේත්‍රය ගැනවත් එයා දන්නෙවත් නෑ. අනිත් එක හොඳට සිංහල කියවන්න බෑ. පිටපතට සාධාරණයක් කරයිද කියන දෙගිඩියාව මට තිබුණා. මම හුඟක් දේවල් කියල දුන්නා. අවවාද දුන්නා. ඒත් කැමරාව ඉස්සරහා මොනවා කරයිද කියලා බයේ හිටියේ.

අම්මා කෙනෙක් විදියට දුවගේ රංගනය ගැන සතුටුයි. නිළියක්ල ප්‍රේක්‍ෂිකාවක් විදියටත් සතුටු වෙන්න පුළුවන්ද? ඔව්. අනිත් අය අතරේ කවීෂා ආධුනිකයි කියලා මට මොහොතකටවත් හිතුණෙ නැහැ.

ගෙදරින් ලැබුණු ප්‍රතිචාර පිටිනුත් ඒ විදියටම ලැබෙනවද? මංගල දර්ශනයට ආව හුඟාක් අය සුබ පැතුවා දුවට. තව රංගන ආරාධනාත් ලැබුණා.

එහෙනම් කවීෂා අම්මාගේ අඩුව සම්පූර්ණ කරයි? එයා මොනවා කරන්නත් ඉගෙනගෙන ඉවර කරන්න ඕනෑ. ඒ අතරතුර නිවාඩු කාලෙට ලංකාවට ඇවිත් රංගන කටයුතු කළාට ගැටලුවක් නෑ.

හුඟක් නිළි අම්මලා දුවලාව මේ ක්‍ෂේත්‍රයට එවන්න බයයි. ඒත් ඩිලානි රටෙත් නැතුව දුවව තනියම ලංකාවට විතරක් නෙවෙයි ක්‍ෂේත්‍රයටත් එව්වාග ඇත්තටම බයක් දැනුනෙ නැද්ද ඩිලානි? නෑ. මට මගේ දුව විශ්වාසයි. එයා හරි බුද්ධිමත් ළමයෙක්. ඒ වගේම මම ක්‍ෂේත්‍රයට එනකොට මගේ පස්සේ හිටියේ මගේ අම්මා. මම දුවව භාරදුන්නෙත් මගේ අම්මට. අම්මා තමයි ඒ කාලේ දුවගේ වගකීම, ආරක්‍ෂාව ගැන හොයලා බැලුවේ.

ඩිලානි නිසා දුවට ක්ෂේත්‍රයට එන්න පහසු වුණා? ඔව්ඒත් ක්ෂේත්‍රයට එන්න ඕනෑ කෙනෙක්ට පුළුවන් රැඳෙන්නයි අමාරු. කවීෂා හැමදාම මගෙ පහනෙන් එළිය බලනවාට මම කැමැති නෑ. ක්ෂේත්‍රයේ රැඳෙන්න පවතින්න නම් එයාගෙ හැකියාව වාසනාව දෙකම තියෙන්න ඕනෑ.

කවදාද යන්නේ? සති දෙකකටනේ ආවේ. වැඩි දවසක් ඉන්න බෑ.

ආයෙමත් එන්නෙ කවදද? මේ අවුරුද්දෙ ආයෙත් ඇවිත් යන්න එනවා.

රඟපාන අදහස දැන් අතහැරලද?හොඳ නිර්මාණයක් ලැබුණොත් වෙලාව හොයාගන්න පුළුවන් වුණොත් සලකා බලන්න පුළුවන්. බලමු නේද ඉස්සරහට.

අම්මත් එක්ක ඔයාගෙ රඟපෑම බලද්දි මොකක්ද හිතුණේ? අම්මි මොනවා කියයිද කියලා බයේ හිටියේග මොකද කවුරු හොඳයි කිව්වත් වැඩක් නෑනේ අම්මි නොකියා.

ඉතින් අම්මාගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණද? චිත්‍රපටය ඉවර වුණ ගමන් අම්මි මාව බදාගෙන සුබපැතුවා.එයා මගෙ රංගනය ගැන ඇත්තටම සතුටු වුණා.

තාත්තාට නම් චිත්‍රපටය බලන්න ලැබුණෙ නෑනේ?
ඔව්ග ඒත් අම්මි තාත්තිට කිව්වා මම හොඳට කරලා තියෙනවා කියලා. තාත්තිටත් හරි පුදුමයි. ඒ දෙන්නම මගේ රංගනය ගැන බයේ හිටියේ.

ක්ෂේත්‍රයේ අයගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද? සුනිල් ටීග අංකල් චිත්‍රපටය ඉවර වුණ ගමන්ම එයාගෙ ඊළඟ චිත්‍රපටයට කතා කළා. ටෙනී අංකල්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම හුඟාක් අය කතා කරල සුබපැතුවා.

ප්‍රේක්ෂකයන්ගෙනුත් ඒ ප්‍රතිචාරය ලැබෙයි කියලා හිතනවද? ඔව්ග මම ප්‍රේක්ෂකයෙක් විදියට චිත්‍රපටය හොඳට වින්දා. මට විතරක් නෙමෙයි මුළු චිත්‍රපටයටම ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රතිචාර හිමිවෙයි කියලා විශ්වාසයි.

කලා පවුල්වල අලුත් පරම්පරාව කවීෂා එක්කත් හිතවත්. යාළුවන් ඔයාගෙ රංගනය ගැන තෘප්තිමත්ද? තාම මට කවුරුත් කතා කළේ නැහැ. තාම ඒ අය චිත්‍රපටය බලලා නැතිව ඇතිග තාම තිරගත වුණා විතරනේ.

කවීෂා දැන් වෘත්තීය නිළියක් වෙනවදරෑ මොනවා කරන්නත් තව අවුරුදු දෙකහමාරක් ඉවසන්න වෙනවා. එතකොට අධ්‍යාපන කටයුතු ඔක්කොම ඉවරයි. ඒත් වෘත්තීය නිළියක් වෙලා නම් ලංකාවෙ ජීවත් වෙන්න අමාරුයි. ලංකාවට ඇවිත් පදිංචිවෙලා දිගටම රංගනයේ යෙදෙනවා නම් හොඳ ආදායම් මාර්ගයක් ලැබෙන ව්‍යාපාරයක් පටන්ගන්න ඕනෑ.බලමු ඒ ගැන හිතන්න තව අවුරුදු දෙකහමාරක් තියෙනවානේ.

එතකොට ලැබුණු ආරාධනාරෑ අධ්‍යාපන කටයතුවලට බාධා නොවෙන්න සම්බන්ධ වෙනවා.

ඒ කියන්නේ ප්‍රේක්ෂකයන්ට රිදී තිරයේ කවීෂා ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්? අනිවාර්යයෙන්ම මම සිනමාවට ආදරෙයිග පුළුවන් උපරිමයෙන් මම රංගනයට දායක වෙනවා.
ඩිලානි ඇමෙරිකාවේ සැමියා ඉතාලි - දෙන්න මොනවද එහේ කරන්නේ ඩිලානි ඇමෙරිකාවේ සැමියා ඉතාලි - දෙන්න මොනවද එහේ කරන්නේ Reviewed by Animals world on 1:43:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.