වැඩිහිටියන්ට පමණයි නිර්මාණයක් සදහා කතා කළාම මම බෑ කිව්වා - Gossip king

Click Here>>>>

වැඩිහිටියන්ට පමණයි නිර්මාණයක් සදහා කතා කළාම මම බෑ කිව්වා


රොහානි මේ දවස්වල ඔබේ වැඩකටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකම වැඩවලට මම සම්බන්ධවෙලා ඉන්නවා. කරනවා

 කිව්වට වැඩිපුර පේන්න නැහැනේ? මම රංගනයට සම්බන්ධ වුණු සිහින විමන් නාට්‍ය මේ සතියේ තමයි විකාශය වෙන්න පටන් ගත්තේ. හිම හංසිල අරලිය අරණල ෂුඩා කියන ටෙලි නාට්‍යවලටත් රංගනයෙන් සම්බන්ධ වෙනවා. ඒත් ඒ නාට්‍ය තාම විකාශය වෙන්නේ නැහැ. පේන්න නොහිටියට මම මේ දවස්වල වැඩ කරනවා.

රොහානි කියන්නේ කාලෙකට පේන්න ඉන්න කාලෙකට දකින්නවත් නැති නිළියක් කිව්වොත්? ඔව්. මෙගා නාට්‍යක වැඩ කළොත් මාව දිගටම පේන්න ඉන්නවා. ඊට පස්සෙ මම ටික කාලයක් නිදහසේ ඉන්නවා.

වැඩිපුර පේන්න නැත්තේ වැඩ අඩු නිසා නෙවෙයිද?එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. අධ්‍යක්ෂවරු තාම මට වැඩවලට කතා කරනවා. ජනප්‍රියත්වය කියලා මම වැඩ හොයා ගෙන යන්නේ නැහැ. අධ්‍යක්ෂවරුල නිෂ්පාදකවරු කැමැති නම්නේ මාව ගන්නේ. හැබැයි මම නිෂ්පාදනය කරපු නාට්‍ය අධ්‍යක්ෂණය කරපු සමහර අධ්‍යක්ෂවරුන් පවා ඔවුන්ගේ නිර්මාණවලට මාව සම්බන්ධ කර ගන්නේ නැති අවස්ථා තියෙනවා. අධ්‍යක්ෂවරයෙක්ද කියලා දන්නේවත් නැති කාලේ තමයි ඔහුව අධ්‍යක්ෂණය කරන්න මම තෝරා ගත්තේ. නමුත් දැන් ඒ අධ්‍යක්ෂවරයා දැන් කරන නාට්‍යවලට. මට කතා කරන්නේ නැහැ.

කලකිරීමෙන්ද නැත්නම් තරහෙන්ද කතා කරන්නේර? කිසිම තරහක් නැහැ. හැබැයි පොඩි දුකක් තියෙනවා.

රොහානි කියන්නේ ලොකු තෝරා බේරා ගැනීම් එක්ක වැඩ කරන නිළියක්ද? එහෙම නැහැ. මට එහෙම ලොකුවට තෝරා බේරා ගන්න තරම් චරිත ලැබුණේ නැහැ. හැබැයි ක්‍ෂේත්‍රයට ආපු මුල් කාලයේ වැඩිහිටියන්ට පමණයි ලේබලයේ නිර්මාණයකට කතා කළාම මම බෑ කිව්වා. ඒ වගේ නිර්මාණ හොඳ නෑ කියනවා නෙවෙයි. ඒක කලාවක් විදියට ප්‍රශ්නයක් නැහැ. මම ආපු කාලේ ඒ වගේ දෙයක් කරන්න හිතුණේ නැහැ.

දැන් ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් භාර ගන්නවද? මුල් කාලයේ ඒ වගේ නිර්මාණයකට සම්බන්ධ නොවී ඉඳලා දැන් සම්බන්ධ වුණොත් ප්‍රසිද්ධියක් ගන්න මම ඒවා කරනවා කියලා මිනිස්සු කියයි. ඒක අමුතු විදියට පෙනෙයි. ඒ නිසා මට එහෙම සම්බන්ධ වෙන්න අදහසක් නැහැ.

නිළියක් විදියට ලැබිච්ච වටිනාකම ගැන සතුටුද? මම මේ ක්‍ෂේත්‍රයේ ඉන්නේ 2002 ඉඳන්. ලැබිච්ච දේවල් ගැන සතුටුයි. හැබැයි මට කරන්න පුළුවන් චරිත නොලැබීම ගැන පොඩි දුකක් තියෙනවා. මගේ හැකියාව හරියට පෙන්නන්න බැරි වුණා කියලා හැඟීමක් තියෙනවා.

රොහානි නිෂ්පාදනයට අත ගැහුවේ ලාභ ලබන්නද? ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට වැඩක් කරන්නදර? මේ දෙකම බලාපොරොත්තුවෙන් තමයි නිෂ්පාදනයට අතගැහුවේ.

ඒ බලාපොරොත්තු දෙකම ඉෂ්ට වුණා කියලා හිතනවද? ඔව්. මම නිෂ්පාදනය කරපු දිය සෙවනැලි නාට්‍ය ගොඩක් ජනප්‍රිය වුණා. ඒ නාට්‍යයේ මගේ චරිතය වෙනුවෙන් කුසලතා සම්මානයකුත් ලැබුණා. ඒ නිසා මම හිතනවා ක්‍ෂේත්‍රයට යම් දෙයක් කරන්න පුළුවන් වුණා කියලා.

නිර්මාණ විකාශය කර ගන්න බැරුව සමහර නිෂ්පාදකවරු අ‍දා්නා නඟනවා. ඔබේ නිර්මාණත් තාම පෝලිමේ නේදරෑ මම දැනට ටෙලි නාට්‍ය පහක් නිෂ්පාදනය කරලා තියෙනවා. සඳ වසන්තය සහ තුෂාරයෙන් දිය දෝතක් තාම විකාශය කර ගන්න බැරිවුණා. ටෙලි නාට්‍යයට රූපවාහිනි සංස්ථාවේ අනුමැතිය ලැබිලා තිබුණත් තාම ඊඪථඥ ඡඥතබ එකක් ලැබුණේ නැහැ.

වෙනත් නාළිකාවක විකාශය කරන්න උත්සාහ කළේ නැද්ද? විකාශය කර ගන්න උත්සාහ කළා. ටෙලි නාට්‍ය විකාශය කර ගන්න කියලා වංචාකාරියකටත් රැවටුණා. නාට්‍ය එක්තරා නාළිකාවක විකාශය කර ගන්න කියලා ගෑනු කෙනෙක් මගෙන් ලක්ෂ තුනක් ගත්තා. සමහර නිර්මාණකරුවන්ගෙන් ලක්ෂ පහල හය අරගෙන දැන් ඒ ගෑනු කෙනා රටින් පැනලා ගිහින් ඉන්නේ. අපි ඒ වගේ වංචාකාරයන්ට හසුවෙන්නෙත් ටෙලි නාට්‍ය විකාශය කර ගන්න බැරි නිසා.

වංචාකාරියට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තේ නැද්ද? මම මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. අනෙක් නිර්මාණකරුවොත් රහස් පොලිසියටත් පැමිණිලි කරලා තියෙන්නේ. ඒත් තාම ඒ ගෑනු කෙනා හොයා ගන්න බැරි වුණා

වෙච්ච අසාධාරණ එක්ක ආයෙම නිෂ්පාදන කටයුතුවලට අතගහන්නේ නැද්ද? ආයෙත් නිෂ්පාදනයට අතගහන්නේ නැහැ. හැබැයි මැරෙනකල් රඟපානවා.

වේදිකා නාට්‍ය පැත්තටත් යොමු වෙලා කියලා ආරංචියි? ඔව්. වේදිකා නාට්‍යයක සංවිධානාත්මක කටයුතු කරන්න එකතු වුණා.

ඉදිරිය ගැන තිබෙන සැලසුම් ගැනත් කියමු නේදරෑ හොඳ නිර්මාණවලට දායක වෙලා හොඳ ගමනක් යන්න තමයි හිතාගෙන ඉන්නේ. 
වැඩිහිටියන්ට පමණයි නිර්මාණයක් සදහා කතා කළාම මම බෑ කිව්වා වැඩිහිටියන්ට පමණයි නිර්මාණයක් සදහා කතා කළාම මම බෑ කිව්වා Reviewed by Animals world on 1:42:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.