පුංචියට හිටපු කෙල්ල දැන් ලොකු කෙල්ලක් - දැන් මට දහ අටයි - Gossip king

Click Here>>>>

පුංචියට හිටපු කෙල්ල දැන් ලොකු කෙල්ලක් - දැන් මට දහ අටයි


රවීණ ගායක යුවළක් වන රූකාන්ත චන්ද්‍ර ලේඛා දෙදෙනාගේ දෙටු දියණිය දැනටමත් ජනප්‍රිය ගායිකාවක් ලෙස කරළියට ඇවිත් හමාරයි ඉතින් මේ පවුලේ බාලම

දියණියත් සහජයෙන්ම උරුම වූ හඬත් සමඟ ගායිකාවක් ලෙස කරළියට පිවිසෙන්නේ කවදාදැයි දැනටමත් බොහෝ දෙනා බලන් ඉන්නවාග මේ දිනවල ඇය මවුබිමට පැමිණ සිටිනා නිසා අපි රසඳුන පාඨකයන් වෙනුවෙන් වින්ඩිගෙන් මේ ගැන අහලා දැන ගන්න සිතුවා
වින්ඩි කෙහොමදරෑ හොඳින් ඉන්නවා

හොඳින් කිව්වාට දැන් ඔය ඉන්නේ ටිකක් බය වෙලා නේද? ඔව් ටික්ක විතර බය වෙලා නම් තමයි

හා හා පුරා කියලා කරන පළමුවැනි ඉන්ටර්වීව් එක නිසාදරෑ ඔව්ග පළමුවැනි වතාවටයි මං ගැන තනි ආර්ටිකල් එකක් කරන්නේග ඉතින් ටිකක් විතර බයයි මොනව අහයිද දන්නේ නැහැ නේ

ආදරේට වින්ඩි කිව්වාට සම්පූර්ණ නම අපි දන්නේ නැහැනේරෑ ට්‍රිනීටා ටෝනියෝ වින්ඩි ගුණතිලක

ලංකාවේ ප්‍ර‍විණ ගායක යුවළකගේ දුව වීම නිසා ටිකක් ආඩම්බරෙන්ලු නේද ඉන්නේ? අනේ එහෙම නැහැ ඒ දෙන්නා ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා මං ඒ දෙන්නාගේ දරුවෙක් වීම ලොකු භාග්‍යයක්

දැන් මේ ඇවිත් ඉන්නේ නිවාඩුවද?ඔව්. නුවර අපේ කොන්සට් එකක් තිබුණා. ඉතින් ඒකටත් එක්ක තමයි ආවේ.

වින්ඩි ගේ ගායනයටත් ප්‍ර‍තිචාර ලැබෙනවා ඇති නේද? ගොඩක් අය කියනවා මට තියෙන්නේ අම්මිගෙයි තාත්තිගෙ. මික්ස් වොයිස් එකක් කියලාග සමහර අය කියනවා තාත්ති ගේ කට හඬ වගේ කියලත්.

පුංචියට හිටපු කෙල්ල දැන් ලොකු කෙල්ලක් වෙලානේ? අපෝ නැහැ. දැන් මට දහ අටයි තවම මං පුංචියි. කොලේජ් පටන් ගත්තා විතරයි.

මොන අංශයෙන් ඉදිරියට යන්නද වින්ඩිගේ බලාපොරොත්තුව? මියුසික් තමයි දැනටත් මං වැඩිදුර හදාරන්න තෝරගෙන ඉන්නේ.

ඒ කියන්නේ වින්ඩිත් පවුලේ ආරෙටම යනවා වගේරෑ මං දන්නෑ මං කැමැති වුණත් නැතත් ඒ දේ වෙයි.

ඒ කිව්වේරෑ අපේ අම්මියි තාත්තියි හරි කැමැතියි එහෙම වෙනවා නම්..

ගායිකාවක් වෙන්න වින්ඩිගේ වැඩි කැමැත්තක් නැති පාටයි රෑ අනේ එහෙම නැහැ.කැමැති නිසානේ මං කොලේජ් එකෙත් මියුසික් තෝර ගත්තේ.

ඔය කියන්නේ ඇත්තමද? අනේ ඔව්. ඇත්තමයි.

පොඩි කාලේ කැමැත්ත තිබුණේ වෙන දේකට නෙමෙයිද? ඉස්සර මගේ කැමැත්ත තිබුණේ මෙඩිසිං වලට. ස්කින් කෙයාර් පැත්තෙන්. නමුත් දැන් ඉන්ට්‍ර‍ස්ට් එකක් නැහැ.

අක්කා නම් දැන් සෑහෙන ජනප්‍රිය ගායිකාවක් නංගි කවදාද එහෙම වෙන්නේ? ඒක නම් දන්නේ නැහැ.මොකද මගේ කියලා තවම එක ගීතයක්වත් නැහැ නේ

එහෙනම් දැන් තමන්ගේම ගීතයක් කියන්න හොඳම කාලේ නේද? තාත්ති හදලා දෙනකම් තමයි මං බලන් ඉන්නේ.

වින්ඩි කැමැති මොන ආරේ ගීත වලටද? මං එහෙම මුකුත් ඩිසයිඩ් කරලා නැහැ. ඒ ගැන එක්ස්පරිමන්ට්ස් කරලත් නැහැ. හැබැයි මං කැමැති ඩිෆරන්ට් ස්ටයිල්ස් සිං කරන්න

වින්ඩිගේ සිංහල නුහුරුයි කියලා හිතිලා නැද්ද? මොකද නැත්තේ අනිවාර්යෙන්ම හිතිලා තියෙනවාග මං ට්‍ර‍යි කරනවා ඉගෙන ගන්න.

අක්කා වගේ රංගනයටත් එකතු වෙන්න නංගීට අදහසක් නැද්ද? මං අකැමැති නැහැ. ඒත් ඉස්සරහට මොනවා වෙයිද කියලා කියන්න බැහැ.

හෙට දවස ගැන තවම වැඩියේ හිතන්නේ නැහැ වගේ? ඔව්. මං ඉතින් තවම සෙල්ලම් වයසෙනේ.. ඒ නිසා තීරණ ගන්න දේවල් ඔක්කෝම අම්මි තාත්තිට බාරයි.

වින්ඩි වඩා කැමැති මෙහෙ ඉන්නද නැතිනම් විදෙස් ගත වෙන්නද? මෙහෙ ඉන්න.

එහෙනම් මෙහෙ ස්ථීර පදිංචියට එන්න අදහසක් ඇති රෑ අනිවාරයෙන්ම. මගේ ස්ටඩීස් ඉවර වුණාහම මෙහෙ එන්න තමයි හිතන් ඉන්නේ.

නිවාඩුව ඉවර වෙන්න ළගයි නේදරෑ ඔව්. මේ මාසේ 24 මම යනවා. මාස කිහිපයකින් ආපහු එනවා. 
පුංචියට හිටපු කෙල්ල දැන් ලොකු කෙල්ලක් - දැන් මට දහ අටයි පුංචියට හිටපු කෙල්ල දැන් ලොකු කෙල්ලක් - දැන් මට දහ අටයි Reviewed by Animals world on 1:42:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.