කාම ලෝකය - Gossip king

Click Here>>>>

කාම ලෝකය



     සත්වයෝ ජීවත්වන 31ක් තලයකින් යුත් මේ මහා ලෝක ධාතුවෙන් තල 11ක්ම කාම ලෝක වෙති.  අප සැම දෙනම ඉපිද සිටින්නේ මනුස්ස ලෝකය නම් වූ ඉන් එක් කාම ලෝකයකය. අනෙක් කාම ලෝක 10 නම් දිව් ලෝක 6 සහ සතර අපායයි.  
   අප කාටත් කිසිවෙකුට හිරිහැරයක් නොවන ලෙස ශිෂ්ඨ අයුරින් කම් සැප විඳීමේ අයිතියක් ඇත. එය බලවත් වරදක් නොවේ.  එය ආචාරශීලිව කළ යුක්තක් වන අතර මිත්යාචාරයෙන් තොරවිය යුතුය. සඳහා අනවශ් බියක් ඇති නොකර ගත යුතුය. එය සොරකමක් නොවේ.  දෙවියෝ කම් සැප විඳිති.  අනාගාමී ඵලය ලබන තෙක්ම මිනිසාගේ කාමයන්ට ඇති ආසාව සහමුලින්ම නැති නොවේ.
 
     ලෞකික වූ අප කවුරුත් කම් සැපය හෙවත් කාමයන්ට ඇලුම් කරමු. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ශ කියන්නාවූ මේ පන්ච කාමයන්ගේ ග්රහණයට හසු නොවන්නවූ කෙනෙක් ඇත්නම් ආර්ය් උත්තමයෙකි. අප කාගේත් අවසන් අරමුණ විය යුත්තේද හැකි ඉක්මනින් එම උත්තම තත්වයට පත්වීමයි. එහෙත් පුද්ගලානුරූපව විවිධ හේතූන් මත අයට සඳහා කිසියම් වූ කාල සීමාවක් ගතවනු ඇත.
      උදාහරණයක් ලෙස අලුත විවාහ වූ දෙදෙනෙකුට තම යුග දිවිය සතුටින් ගෙන යාමට අවශ් වනු ඇත. එමෙන්ම සාමාන්යයෙන් අවුරුදු 50ක් පමණ වනතෙක් ශාරීරික අවශ්යතාව මත කම්සැප විඳීමට බොහෝ අයට අවශ් වනු ඇත. දරුවන් යෞවනත්වයට පත් වීමෙන් පසු මේ සම්බන්ධව නිවැරදි අවබෝධයක් නොලද හොත් නොයෙක් අපචාරයන්ටද ගොදුරු වී ජීවිත අඳුරු කරගත හැකිය.
      එවැනිවූ සියලු දෙනාටම සදාචාරාත්මකව, ආචාරශීලීව, නිරෝගීව තම දිවිපෙවෙත ගෙනයාමට නිවැරදි දැක්මක් අවශ්යයි. එනිසා එවන්වූ බොහෝ දෙනෙකුගේ ජීවනාභිවෘද්ධිය වෙනුවෙන් පිරිසිදු සිතින් මෙම වෙබ් අඩවිය විවෘත වන බව සතුටින් දන්වන අතරම ක්රමාණුකූලව පන්ච කාමයන්ගේ පිණවීම පටන් පන්ච කාමයන්ගෙන් නික්මීම දක්වාම අවශ් මග පෙන්වීමටද අප සූදානම්ය.

       මේ සම්බන්ඳව අපගේ මනසේ තැන්පත්වී ඇති වැරදි ආකල්ප අප අයින් කර ගත යුතුය. විවාහවී ටික කලකින්ම බොහෝ දෙනෙකුට තම බිරිඳ හෝ සැමියා ගැන වැඩි ආසාවක් ඇති නොවෙයි. ඊට හේතුව නම් තමන්ගේ බිරිඳ හෝ සැමියා අන් කාන්තාවන් හෝ පිරිමින් හා සන්සන්ඳනය කර මැනීමයි. එවිට තම බිරිඳට හෝ සැමියාට වඩා තමන් දුටු අනෙක් කෙනාගේ රූපය ලස්සනයි වටිනවා යයි සිතෙයි. මෙය මායාවකි. කවදාවත් මෙහි කෙලවරක් නැත.
      ඔබට අවශ් නම් ඔබේ බිරිඳ හෝ සැමියා කැමති ඕනෑම විදියකට වෙනස් කළ හැකිය. දෙදෙනාම කතාබහ කොට ඇඳුම් ආදී ඉරියව් වලින් වෙනස් වි සතුටින් තම පවුල් ජීවිතය ගෙනයා හැකිය. දක්ෂ කෙනෙකුට තම බිරිඳ දෙවඟනක් කරගත හැකිය. එමෙන්ම  දක්ෂ  බිරිඳකට  තම  සැමියා  දෙවියෙක් කරගත හැකිය.  සඳහා පළමුවෙන් ඔබ වෙනස් වී ඔබේ අඩුපාඩු හදා ගත යුතුය. එවිට ඇය හෝ ඔහු නිබඳවම වෙනස් වෙනු ඇත.
(යුග දිවිය සාර්ථක කර ගැනීම සඳහා වටිනා උපදේශන ලිපි මාලාවක් මෙම වෙබ් අඩවියෙන් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න.) www.wedagedara.com

කාම ලෝකය කාම ලෝකය Reviewed by Animals world on 1:36:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.