ලංකාව ලස්සනයි - චිත්‍රපටයක මට රගපාන්න ලැබුණොත් රගපානවා - Gossip king

Click Here>>>>

ලංකාව ලස්සනයි - චිත්‍රපටයක මට රගපාන්න ලැබුණොත් රගපානවා


ඉෂිකා කියන්නේ අද ඉන්දියාවේ වගේම ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය චරිතයක්. මොකක්ද මේ ජනප්‍රියතාවය ගැන ඔබ හිතන්නේ ඇත්තටම ගොඩක් සතුටුයි. අපිට

 මේ තරම් ආදරයක් බලාපොරොත්තු වුණේ නැහැ. අපිව ගොඩාක් හොදින් පිළිගත්තා. පාර දිගේ එද්දිත් අපේ රූප දාපු ලොකු දැන්වීම් පුවරු දැක්කම ලොකු සතුටක් ඇතිවුණා.

රූපවාහිනියේ දකින ඉෂිකා හරිම සංවේදී සහ බුද්ධිමත් යහපත් බිරිදක්. ඔබේ සැබෑ ජීවිතයත් එහෙම වෙන්නැති? මෙහෙමයි, ඉෂිකා කියන්නෙ ගොඩක් මුහුකුරා ගියපු චරිතයක් තියෙන ගැහැනු චරිතයක්. හැබැයි මම එහෙම නෑ. මම සාමාන්‍ය ජීවිතේ පොඩි ළමයෙක් වගේ කෙනෙක් කියලයි මට හිතෙන්නේ. බොහොම පොඩි දේවල්වලින් සතුටු වෙනවා. හැබැයි ඒ වගේම ඉෂිකාත් මාත් අතර ගොඩක් සමානකම් තියෙනවා කියන්නත් පුළුවන්. මොකද පස්සෙ මම මගේ චරිත ලක්ෂණත් ඉෂිතා කියන චරිතෙට ඇතුළු කළා. ඔයාලට මතක ඇති නාට්‍යෙය් මුල් කොටස් කිහිපයේ හිටපු ඉෂිකා නෙමේ දැන් ඇත්තටම ඉන්නෙ. පිටපතේ හිටපු ඉෂිකාව මම ටිකක් මෟදු කරලයි තියෙන්නෙ.

එතකොට ඉෂිකා ද දිව්‍යංකාද වැඩියෙන්ම හොද? මම හිතන්නේ ඉෂික. මොකද එයා පවුලෙ ජීවිතයයි රැකියාවයි සේරම සමබර කරගත්ත හැටි ගොඩක් අපූරුයි. මටත් ඇත්තටම ඉෂිකා වගේ වෙන්න තිබුණ නම් කියල හිතෙනවා.

චරිතය රගපාද්දි තිබුණු ලොකුම අභියෝග මොකක්ද? ලොකුම අභියෝගයක් තමයි මට කරන්න තිබුණේ දකුණු ඉන්දියානු යුවතියකගේ චරිතයක්. ඉතින් දකුණු ඉන්දියානු විදිහට හැසිරෙන්න කතාබහ කරන්න අවශ්‍යයි. මම සාමාන්‍ය හින්දි කතාකරන කෙනෙක්. ඉතින් ඒ චරිතයට හැඩගැහෙන්න ටිකක් මහන්සි වෙන්න වුණා. අනික ඉෂිකා කියන්නෙ දත්ත වෛද්‍යවරියක්. ඉතින් ඒ වගේ කෙනෙක්ගේ ජීවිතේ කොහොමද කියන එක ගැනත් මම ටිකක් හැදෑරුවා.

මේ ආදරයයි නාට්‍යයේ ඉන්දියානු නම මොකක්ද? යේ හේ මොහොබදීන්. ඔයාලා කියන්නේ මේ ආදරයයි කියලා නේද? මට ඒක දැනගන්න ලැබුණා.

ඔබ මෙවර ලංකාවට ආවෙ තනියමද? ඇත්තටම නැහැ. මම විවේක් එක්කයි ආවේ. මොකද මේක වැලන්ටයින් සති අන්තයනෙ. ඉතින් අපි දෙන්නා මේ සති අන්තය එකට ගත කරන්න හිතුවා. ඇත්තටම අපි දෙන්නා ඉන්දියාවෙන් පිට එකට ගිය පළවෙනි අවස්ථාව මේකයි.

ඉදිරියේදී රමන්, ඉෂිකා, ෂගුන් මේ තුන්දෙනාට මොනවා වෙයිද? මේ වෙද්දි ඉන්දියාවේ කොටස් ගොඩක් ඉදිරියෙන් විකාශනය වෙන්නෙ. මම දන්නෙ නැහැ ලංකාවෙ දැන් විකාශනය වෙන්නෙ කොයි කොටස්ද කියලා. කොහොම වුණත් සියල්ල හොදින් සිද්ධ වෙන බව විතරක් කියන්නම්.

ලංකාවේ චිත්‍රපටයක රගපාන්න ලැබුණොත් ඒක බාර ගන්න කැමතිද? තාම එහෙම දෙයක් ගැන හිතලා නැහැ. හැබැයි හොද ආරාධනාවක් ලැබුණොත් මට බැහැ කියන්න හේතුවකුත් නැහැ.

ලංකාව ගැන මොකද හිතන්නේ? ෂා හරිම ලස්සනයි. මම ඇත්තටම කොළඹට ගොඩක් ආසයි. තව ලංකාවේ මුහුදු වෙරළත් ගොඩක් ලස්සනයි.

ඔයාලා ලංකාවේදී පවත්වපු ප්‍රසංගයේ අත්දැකීම් මොනවගේද? ඇත්තටම හිතාගන්නවත් බැරි තරම් පිරිසක් ඒකක බලන්න ඇවිත් තිබුණා. මම මීට කලින් සම්මාන උළෙලවල්වලදී විතරයි මේ විදිහට නටල තිබුණේ. පළමු වතාවට ලංකාවේදීයි මෙහෙම ඩාන්ස් කළේ. ගොඩක් විශේෂයි.

ඔයාට ආදරය කරන ලංකාවේ මිනිසුන්ට මොනවාද කියන්න තියෙන්නේ? අපේ නාට්ට්‍ය ලංකාවේ මේ තරම් ජනප්‍රිය වෙයි කියලා අපි නිකමටවත් හිතුවේ නැහැ. මම පසුගිය දවසක ලංකාවට ආවම මුණගැහුණු අය කිව්වා අපි ඔයාට ගොඩක් ආදරෙයි කියලා. ඉතින් මම හිතුවා ඒක අර සාමාන්‍ය පිළිගැනීමක් වෙන්න ඇති කියලා. හැබැයි මේ පාර ආවම තමයි දැනගත්තේ ලංකාවේ අය අපිට කොච්චර ආදරෙයිද කියලා. ගුවන් තොටුපොළේ ඉදන් අපිට හොද පිළිගැනීමක් ලැබුණා.
ලංකාව ලස්සනයි - චිත්‍රපටයක මට රගපාන්න ලැබුණොත් රගපානවා ලංකාව ලස්සනයි - චිත්‍රපටයක මට රගපාන්න ලැබුණොත් රගපානවා Reviewed by Animals world on 3:00:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.