අඩුගානේ මට දරුවෝ දෙන්නෙක් වත් හදන්න ඕන - උපේක්ෂා කියයි - Gossip king

Click Here>>>>

අඩුගානේ මට දරුවෝ දෙන්නෙක් වත් හදන්න ඕන - උපේක්ෂා කියයි


පබා මන්ත්‍රීතුමියට එදා ලැබුනු සැලකිලි තවම ලැබෙනවද? නැහැ. කොහොමටවත් නැහැ. මෙහෙමයි අතලොස්සක් හතර පස් දෙනෙක් තවමත් මනුස්සකමින් ඉන්නවා. ඒ

 උනත් එදා හිටපු අයගෙන් සීයයට අනූ නවයයි දශම නවයක්ම මාව අත්හැරලා ගියා. ඒ අය මා ළග ඉදලා තියෙන්නේ ලාභ ප්‍රයෝජන ගන්න විතරයි.

සින්ඩ්‍රෙල්ලා මංගල දර්ශනයට ආරාධනා ලැබුණු අයට දන්වලා තිබුණා රතු සහ කළු ඇදුම් අදින්න කියලා. උපේක්ෂා නිල් පාට ඇදුමක් ඇන්දේ විරෝධ පෑමක් විදියටද? අනේ දෙයි හාමුදුරුවනේ නෑ. පසුගිය කාලේ මම ටිකක් අවිවේකිව හිටියේ. ජනවාරි 24 තිබුණ මගේ විවාහයත් කල් ගියා අම්මා අසනීප වුණු නිසා. මට ආරාධනාව ලැබුණේ අන්තිම මොහොතේ. ඒ වෙද්දි මට වෙන ඇදුමක් සූදානම් කරගන්න වෙලාව මදි. මම මේ ඇදුම කලින් ඉදලාම තියාගෙන හිටියේ මේ වැඩේට. මට ඕන මගේ හිතට විශ්වාසය ඇගට පහසු ඇදුමක් අදින්න. අනික ලංකාව් හොද ඇදුම් ගන්න තැනක් නෑ. මම ඉනෝකා අක්කාගෙනුත් අහලයි ඒ ඇදුම ඇන්දේ.

චිත්‍රපටයේ ඉන්නවට වඩා දැන් ටිකක් කෙට්ටුවෙලා නේද? නෑ... නෑ... එකේ අනිත් පැත්ත. ඒ ෆිල්ම් එකට ඇදපු ඇදුම් මට දැන් ටිකක් තදයි. වයසට යද්දි ඕනම ගැහැනු කෙනෙක්ගේ පිරිමි කෙනෙක්ගේ පේශි වෙනස් වෙනවනේ. ඒ කාලේ මං මීට වඩා කෙට්ටුයි සහ මීට වඩා ඇග හැඩයි. චිත්‍රපටයට ලැබුණු මුදලින් 1/3ක්ම වියදම් කළේ එයට ගැළපෙන්න මගේ බාහිර පෙනුම හදාගන්න. දේශපාලනයට ඇවිත් එක තැන වාඩිවෙලා ඉදලා හරියට කෑමක් බීමක් නොගෙන ඉදලා මගේ ඇගේ හැඩ වෙනස් වුණා.

පාර්ලිමේන්තුවේදී කාන්තාවන් වෙනුවෙන් නගන්න උත්සාහ කරපු හඩ ඉදිරියටත් ගෙනියනවද? මේ වෙලාවේ නම් මම එවැනි දේකට සූදානමක් නැහැ. මට දැන් වයස 30යි. දැන් මම සූදානම් වෙන්නේ විවාහයට සහ මව් පදවියට.

විවාහයෙන් පස්සේ උපේක්ෂා රංගනයෙන් ඉවත් වෙන එකක් නැහැ නේද? එහෙම නැහැ. මගේ ස්වාමි පුරුෂයා වෙන්න ඉන්න කෙනා කැමැතියි මම රංගන ශිල්පිනියක් විදිහට ඉන්නවට. එයා මට ඒකට ආශිර්වාද කරනවා. ඒත් අම්මා කෙනෙක් වුණාම නම් මම දරුවෝ වෙනුවෙන් රංගනය කැප කරාවි. අඩුගානේ මට දරුවෝ දෙන්නෙක් වත් හදන්න ඕන. ඊට වැඩි වෙනවා නම් කැමැතියි. අපි දෙන්නම එකවෙලයි ඉන්නේ විවාහවෙලා හැකි ඉක්මනින්ම දරුවෙක් හදන්න.

දැන් ඉතින් ඔහු ගැනත් කියමු නේද? නම නම් කියන්නේ නැහැ. ඔහු ව්‍යාපාරිකයෙක්. මට වඩා අවුරුදු 8ක් වැඩිමල්. මට වඩා උසයි. මට වඩා චුට්ටක් කළුයි. රථවාහන සම්බන්ධ ව්‍යාපාරයක් කරන්නේ. පදිංචිය කදානේ. දෙන්නම එකම ආගමේ. අපි 2011 ඉදන් අදුනනවා. ඒත් අපි පෙම්වතුන් වුණේ 2015 ඔක්තෝම්බර් 03. ප්‍රේම සම්බන්ධයක් වුණත් මේ විවාහය සිද්ධ වෙන්නේ යෝජිත විවාහයක් විදියට. අපි ආදරය කරන්නේ විවාහයෙන් පස්සේ.

මෙච්චර කාලෙකට මාධයෙන් යොමු කරපු අමාරුම ප්‍රශ්නෙ මොකක්ද? ඇයි මම දේශපාලනේට ගියේ කියන එක ඒ ප්‍රශ්නේ අමාරුයි. ඒත් උත්තර නොදී සිටීම වැරදියි. මට ඡන්දය දීපු අයට මම ණයගැතියි. ඒත් මම අද කනගාටු වෙනවා මම දේශපාලනේට ආව එක ගැන. මම දේශපාලනයට ආවේ පෞද්ගලික හේත්වක් මත ඒත් උපේක්ෂා ස්වර්ණමාලි කියන නම, මගේ ගමන, මගේ චරිතය සියයට දෙසීයක් ලොකු වෙනසකට ලක් වුණා. එයින් අධ්‍යක්ෂකවරු අයුතු යෝජනා ගෙනෙද්දී පිටපත්වල මං කරන්න අකැමැති දේවල් තියෙද්දී මම මගේ විනය පුළුවන් උපරිමයෙන් රැකගෙන ආව ගමන මම විතරයි දන්නේ. ඒකට ලොකු කැළලක් වුණා දේශපාලනයෙන්. මට ඒ කාලේ මීට වඩා බුද්ධිමත්ව හිතන්න තිබුණා. කතාවක් තියෙනවනේ හිත හොද ගෑනි හැමදාම බඩින් කියලා. හදවතින් ගන්න තීරණ නිසයි මෙහෙම වුණේ. මම මට සීමාවක් තියා නොගත්ත නිසා මාව නැති වුණා.
අඩුගානේ මට දරුවෝ දෙන්නෙක් වත් හදන්න ඕන - උපේක්ෂා කියයි අඩුගානේ මට දරුවෝ දෙන්නෙක් වත් හදන්න ඕන - උපේක්ෂා කියයි Reviewed by Animals world on 11:06:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.