කවදහරි මම අලියෙක් ඇතිකරනවා - විවාහයත් ලගදීම කරගන්නවා - Gossip king

Click Here>>>>

කවදහරි මම අලියෙක් ඇතිකරනවා - විවාහයත් ලගදීම කරගන්නවා


අප කවුරුත් හදුනන නිළියක් වන දමිතා අබේරත්න ගැන අපිට සුභ ආරංචියක් අහන්න ලැබුණා. ඒ තමයි ඇයගේ විවාහය. දමිතා මේ වන විටත් කෙනෙකුට ආදරය

 කරනවා. එයාගේ නම තමි ලෙන්ලි ජොන්සන්. එයා අවුරුදු 20ක් පමණ විදේශගතව සිටි කෙනෙකි. දැන් ඔහු අවුරුදු 3ක් තිස්සේ ජීවත් වෙන්නේ ලංකාවේ. දමිතගෙයි - ලෙන්ලි ජොන්සන්ගෙයි ආදරේට අවුරුදු 13ක් වෙනව කියලයි දමිතා අප සමග කියා සිටියේ. මේ දෙන්න එකතුවෙලා ලගදී ඇගලුම් ව්‍යාපාරයක් පටන්ගත්තා. ලෙජොන් කියන ලේබලයෙන්.

ආදරයට අවුරුදු 13ක් වුණාට දෙන්න තාම විවාහ වෙන්න ප්‍රමාද වුණේ ඇයි කියල අපි දමිතගෙන් ඇහැව්ව. කේන්දරරේ මගේ කසාදය තියෙන්නේ ගොඩක් පරක්කුවෙලා. හැම දේම වෙන්නේ හොදටනේ. හැබැයි මේ අවුරුද්දේ නම් අනිවාර්යයෙන්ම මගේ විවාහය සිද්ධවෙනවා.

දමිතා දෙවියන් ගැන ගොඩක් විශ්වාස කරනවා කියලා අපට දැන ගන්නට ලැබුණා. ඒ ගැන ඇය අප සමග මෙසේ කියා සිටියා. දෙවියන්ව විශ්වාස කරනවා. ඒත් ඒ පස්සේ පන්නන්නේ නැහැ. දෙවියන්ගෙන් හැමදේම ඉල්ලන්නෙත් නැහැ. ඒත් මේ ලොකෙ පවතින්නේ යම් බලවේගයක් මත නම්, ඒ බලවේගේ දෙවියො තමා. මම ඒ දෙවියන්ට ගරු කරනවා. අපි ඔවුන්ට පින් දිය යුතුයි. ඒත් මෙහෙම දෙයක් කියනවා.

මම පොඩිකාල ඉදලා අලින්ට ආසයි. කොටින්ම කිව්වොත් අලින්ට පෙරේතයි. පොඩි කාලේ මම අම්මටත් කියනවා අලියෙක් අරන් දෙන්න කියලා.

හොර අලි නම් නෙවෙයි. කවදහරි අලියෙක් ඇතිකරන්න ආසාවක් තියෙනවා. ඒ නිසාමද කොහෙද මම ගණ දෙවියන්ට පුදුම ආදරෙයි. අපේ ගෙදර ලොකු ගණදෙව් රූපයක් තියෙනවා. මම ඒ රූපය අතගාන්නේ ගරු කරන්නේ අලින්ට තියෙන පෙරේතකම නිසාම වෙන්න ඇති.
කවදහරි මම අලියෙක් ඇතිකරනවා - විවාහයත් ලගදීම කරගන්නවා කවදහරි මම අලියෙක් ඇතිකරනවා - විවාහයත් ලගදීම කරගන්නවා Reviewed by Animals world on 1:36:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.