මේ දවස්වල තියෙන රස්නෙන් නළු නිළියෝ සම රැක ගන්න හැටි - Gossip king

Click Here>>>>

මේ දවස්වල තියෙන රස්නෙන් නළු නිළියෝ සම රැක ගන්න හැටි


මහේෂි මධුසංඛා මේ දවස්වල ෂූටිං නැති හින්දාම යාළුවන්ව හම්බවෙන්න යන්නෙ වත් නැතුව ගෙදරටම වෙලා ඉන්නේ, වියළි කාලගුණයෙන් හම රැකගැනීමට.

 මේ දවස්වල එහෙම හිටියත් ඇඟට දැනෙන උණුසුම අඩුවක් නැහැ. පිපිඤ්ඤා ජූස්, දොඩම් ජූස් ටිකක් වැඩිපුර බොනවා. ඒ ඒ වගේම ‘ෆේෂියා කැප්ෂුවල්’ පාවිච්චි කරනවා. ආ‍ලේපන වර්ග නම් මොකුත් පාවිච්චි කරන්නෙ නැහැ.

විශ්ව කොඩිකාර
මම නම් මුල්තැන දෙන්නේ දේශීය ක්‍රමවලට තැඹිලි, සව්, බාර්ලි, බෙලිමල්, කිතුල් පිටි වගේ දේවල් වැඩිපුර ගන්නවා. ක්‍රීම් වර්ග නම් අනුගමනය කරන්නේ නැහැ. හැබැයි සුදු හඳුන් වගේ දේවල් නම් ගෑවට කමක් නැහැ. ඒ වගේම තවත් ගොඩක් නොහිතන දෙයක් තියෙනවා. සම විතරක් නමෛයි ශරීරයටම මේ වියළි කාලගුණය බලපාන හින්දා ඔළුවට හොඳ තෙලක් පාවිච්චි කරන එක වැදගත්. ඊට අමතරව ඉතින් දිනපතා නාන එකත් වැදගත්.

විනූ උදානි
මේ දවස්වල සීගිරියේ රූගත කිරීම් තියෙන හින්දා මට වියළි කාලගුණය වැඩිපුර බලපානවා. මම කරන්නෙ වැඩිපුර වතුර බොන එක. ඊට අමතරව කොමඩු වගේ   පළතුරු කනවා. අව්වෙ රූගත කිරීම් කරන හින්දා ‘සන් ක්‍රීම්’ එකක් පාවිච්චි කරනවා. රෑ 12ට ෂූටිං ඉවර වෙලා ආවත් නාලා මටම ආවේණික ආ‍ලේපන වර්ගයක් පාවිච්චි කරන එකත් මේ දවස්වල මගේ ෙදෙනික කටයුත්තක්.

හේමාල් රණසිංහ
මේ දවස්වල මටත් කොළඹ අවට එළිමහන් රූගත කිරීම් කරන්න සිදුවෙලා තියෙන  හින්දා වියළි කාලගුණය තදින්ම බලපාලා තියෙනවා. ඒත් මේ කාර්යබහුලකමත් එක්ක විශේෂ ආහාර වර්ග, ඖෂධ වර්ග හෝ ආ‍ලේපන වර්ග ගැන සැලකිලිමත් වෙන්න බෑනේ. ඒ හින්දා වැඩිපුර වතුර බොන එකයි මම අනුගමනය කරන එකම ක්‍රමය.

රුවංගි රත්නායක

පසුගිය දවස් ටිකේ එක දිගට යටියන්තොට රූගත කිරීම් ඉවර වෙලා ආයෙම ගෙදර එද්දී මගේ සමේ පැහැය වෙනස් වෙලා. ඒත් වැඩි දවසක් ගෙදර ඉන්න ලැබුණේ නැහැ. ආයෙම රූගත කිරීම් පටන් ගත්තා. මේ දවස්වල රූගත කිරීම් ආණමඩුවේ. ඒ ප්‍රදේශයෙත් ටිකක් තදබල විදියට අව් රශ්මිය තියෙනවා. ඒකට විසඳුම විදියට ‘සන් ක්‍රීම්’ එකක් පාවිච්චි කරනවා. ඒත් රූගත කිරීම්වල මේකප් කරන හින්දා ‘සන්ක්‍රීම්’ පාවිච්චි කිරීමත් ‍පොඩි ගැටලුවක්. ඒකයි පිපිඤ්ඤා, සව්, බාර්ලි වගේ දේවල් ආහාරයට ගැනීමත් වැඩිපුර වතුර බිමත් තමයි විසඳුම. ඒ වගේම රෑ 12.00 ට ෂූටිං ඉවර වුණත් නාලා ශරීර ආ‍ලේපනයක් කිරීමත් මම අනුගමනය කරන සිරිතක්.

නදීෂා හේමමාලි
මේ දවස්වල මම චන්දන වික්‍රමසිංහ සමග නර්තන පුහුණුවක ඉන්න හින්දා අව්වට නිරාවරණය වන අවස්ථා අඩුයි. හැබැයි ඒත් මේ උණුසුම් කාලගුණයත් එක්ක දාඩිය දාලා ඇඟ වෙහෙස කරලා නර්තනයේ යෙදෙන එකත් වෙහෙසක්. මම දවසකට වතුර ලීටර් 4ක් විතර බොනවා. ශරීරයේ යෝගට් තවරලා විනාඩි  කිහිපයකින් කූල් වතුරින් හොදලා දාන එකත් මේ වියළි කාළගුණයේදී සම රැකගන්න මම අනුගමනය කරන ක්‍රමයක්.

 සුරාජ් මාපා
මේ දවස්වල මම අනුරාධපුර ගලිගමුව, කන්ත‍ලේ ප්‍රදේශවල රූගත කිරීම්වලට සහභාගි වෙලා ඉන්න හින්දා මගේ සම ටිකක් කළු වෙලා. ඒත් ඉතින් මොනව කරන්නද? සීතල කාමරේකට වෙලා ඉන්න බැහැනේ. නළුවකු විදියට මේ තත්ත්වයට මුහුණදෙන්න සිදුවනවානේ. සන්ක්‍රීම් එකක් ගානවා. ඒ වගේම වැඩිපුර වතුර බොනවා. ඊට එහා ලොකු විසඳුම් හොයන්න අසීරුයි. ඒ හින්දම ඔය ගැන වැඩිපුර හිතන්න නැතුව ඉඳීම වැදගත් කියලයි මං නං හිතන්නේ.
මේ දවස්වල තියෙන රස්නෙන් නළු නිළියෝ සම රැක ගන්න හැටි මේ දවස්වල තියෙන රස්නෙන් නළු නිළියෝ සම රැක ගන්න හැටි Reviewed by Animals world on 10:10:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.