සල්සපුනා ටෙලි සිත්තමෙන්.... හා පුරා කියා රංගනයට එන රුවැත්තිය - Gossip king

Click Here>>>>

සල්සපුනා ටෙලි සිත්තමෙන්.... හා පුරා කියා රංගනයට එන රුවැත්තිය


නම මයන්තරා ශනාලි වීරසිංහ වෙනත් නම් ගොඩක් අය නම් මාව දන්නේ ශෙනෝ කියලා. ඉපදුණේ කොළඹ. මම හැදුණේ වැඩුණේ කුරුණෑගල. වයස එන අප්‍රේල් 24

 වැනිදාට 20යි. පාසල වයඹ රාජකීය විදුහල, අමුණුගොඩ කුමාරදාස විද්‍යාලය, කොළඹ රත්නාවලී බාලිකාව පවුලේ තොරතුරු අම්මා , තාත්තා, අයියායි මමයි විතරයි ඉන්නේ.

ආලියා කියලා කතා කරන්න මම තවම කල් වැඩියි නේද? ඔව් කියන්නත් පුළුවන්. හැබැයි දැන් දැන් ආලියා කිව්වහම ටිකක් කට්ටිය හඳුනනවා.

ආලියා ප්‍රේක්ෂක සිත් වසඟ කරාවීද? ඔව්. අනිවාර්යෙන්ම.

නිළි හීනය සැබෑ වුණා නේද? ඔව්. පොඩි කාලේ ඉඳලා ලොකු ආසාවක් තිබුණා කෙහෙම හරි නිළියක් වෙනවා කියලා.

කොහොමද ඒ හීනය සැබෑ වුණේ? සුසිලා ප්‍ර‍ඩක්ෂන්ස් ඔස්සේ තමයි රංගන ශිල්පිනියක් වෙන්න මට වරම් ලැබුණේ. ඒ ස්ක්‍රීන් ටෙස්ට් එකට යන්න සහ ඒ හැමදේටම උදව් කළේ මගේ අම්මා, රොසෑන් ඩයස් මහත්මිය සහ තුෂාරි අක්කා. ඇය තමයි ස්ක්‍රිප්ට් එක ලියන්නේ.

ලැබුණු පළමු අවස්ථාවෙන්ම ශනාලී ප්‍රයෝජනය ගත්තා? ඔව්. මඟඅරින්න තරම් වුවමනාවක් තිබුණේ නැහැ.පළමු රංගන අවස්ථාවේදී ම මම පණ පොවන්නේ ප්‍ර‍ධාන චරිතයට. එහෙම අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකින්.ඉතින් රංගන ජීවිතය පටන් ගන්න හොඳම තැන එය කියලා මම තීරණය කළා.

හිතපු තරම් පළමු රංගනය පහසු වුණාද? මුලින්ම පොඩි බයක් දැනුණා. ඒ වගේම ඒ පරිසරයත් මට ටිකක් නුහුරුයි නේ.. නමුත් තුෂාරි අක්කාගෙන් සහ අම්මාගෙන් ලැබෙන සහය එක්ක දැන් හොඳට පුරුදුයි.

පළමු රංගනයට ලැබෙන ප්‍රතිචාර ජයද? ඔව්. තාම විකාශය වුණේ කොටස් කිහිපයක් විතරයි. කොටස් දෙකක් විකාශය වෙද්දීම ආලියා කියන චරිතයට ගොඩාක් අය ආදරේ කරනවා කියලා ප්‍රතිචාරවලින්ම තේරුණා. මගේ පාසලේ නංගිලා මේ චරිතයට ආදරේ කරනවා. මගේ පළමු වැනි නාටයේ චරිතයට මේ ටික කාලෙටත් ගොඩාක් හොද ප්‍රතිචාර ලැබෙන එක ගැන සතුටුයි

රංගනය අලුත් වුණාට ෂනාලිට කැමරාව අලුත් දෙයක් නෙවෙයි නේද? ඔව්. මම මුලින්ම Channel C එකේ Present කළා. ඒත් එක්කම සිරිසෙත් වැඩසටහනක් කළා. ඊට පස්සෙ තමයි රංගනයට ආවේ.

රංගනයට තවත් ආරාධනා ලැබුණද? අලුත් නිර්මාණ 2කට වගේ ආරාධනා ලැබුණා.

ශනාලි දිගටම රංගන ශිල්පිනියක් ලෙස රැඳේවිද? දැනට තීරණය කරලා තියෙන්නේ අවුරුදු 25 වෙනකම් රඟපාලා නවත්වනවා කියලයි. නමුත් රඟපාන කොට සහ ඊට ලැබෙන ප්‍ර‍තිචාර එක්ක මේ ක්ෂේත්‍ර‍යට තියෙන ඉන්ට්‍රස්ට් එක තව වැඩි වෙනවා. ඒ නිසා ඉදිරියේදී මගේ තීරණය වෙනස් වෙන්නත් පුළුවන්.

ශනාලිට එක තීරණයක ඉන්න බැහැ වගේ නේද? ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. මං කිව්වේ රංගනය පැත්තෙන්...

රංගනයට යොමු වුණේ විනෝදාංශයක් ලෙසද? දැනට මෙය මගේ වෘත්තීය කරගෙනයි ඉන්නේ.

ශනාලිත් රැල්ලට ආ නිළියක් වේවිද? මම හිතන්නේ නැහැ..මේ චරිතය බිල්ඩප් කරන්න මගේ පසු පස ගොඩක් කට්ටිය හිටිය. ඉතින් මට විශ්වාසයි ඒ අය මගේ ඉදිරි ගමනටත් ඉඳියි කියලා. ඒ නිසා මාව රැල්ලට අහු නොවේවි.

නවක නිළියන්ට හරි ඉක්මනට මුල අමතක වෙනවාලූ? මට නම් මෙතෙක් එහෙම වෙලාත් නැහැ. වෙන්නේත් නැහැ. මට උදව් කරලා පස්සේ කාලෙකදි මා එක්ක තරහා වුණත් ඒ අය යම් කාල වලදි මට උපකාර කළා කියන්න මම කිසි වෙලාවක මැලි වෙන්නේ නැහැ.

මොනවද ඉදිරි බලාපොරොත්තු? ගුවන් සේවිකාවක් වෙන්න මං බොහොම කැමැත්තෙන් ඉන්නේ. මගේ බලාපොරොත්තු ගොඩක් මේ වෙද්දි මම ඉටු කර ගෙන තියෙනවා. ඉතින් ගුවන් සේවිකාවක් වීමේ බලාපොරොත්තුව විතරයි දැනට ඉතුරු. ඒකත් කොහොම හරි ඉටු කර ගන්නවා.
සල්සපුනා ටෙලි සිත්තමෙන්.... හා පුරා කියා රංගනයට එන රුවැත්තිය සල්සපුනා ටෙලි සිත්තමෙන්.... හා පුරා කියා රංගනයට එන රුවැත්තිය Reviewed by Animals world on 10:14:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.