අධිවේගියේ කාර් එක හැප්පුණ එක ගැන රුක්ෂානා කතා කරයි.
මට පසුගිය 15 වැනිදා බණ්ඩාරගම පැත්තේ තිබ්බ ටෙලි නාට්‍ය ලොකේෂන් එකකට යන්න ඕන වුණා. දකුණු අධිවේගී මාර්ගයේ ගැලනිගම Exit එකෙන් පිටවෙලා
මගේ ගමන යන්නයි මම හිටියේ. මම තනියම මගේ වාහනේ පැදගෙන ගියේ. පිටිපස්සෙන් කාර් එකක් ඇවිත් හැප්පුණා. මගේ වාහනේ ඒ වාහනෙත් හැප්පිලා මං තීරුව වෙන් කරන යකඩ වැටෙන් වැදුණා.
ඒ අනතුර වළක්ව ගන්න බැරි වුණේ ඇයි? මෙහෙමයි. මම මට ඉදිරියෙන් යමින් තිබුණු වාහනයක් ඉස්සර කරන්නයි හැදුවේ. ඒ එක්කම මගේ පිටිපස්සෙන් ආපු වාහනේ මාව ඉස්සර කරන්න හදලා. ඔන්න ඔහොමයි ඉතින් අනතුර සිද්ධ වුණේ.
රුක්ෂානාට තුවාලයක් අනතුරක් වුණේ නැහැ නේද? මගේ කකුල පොඩ්ඩක් තුවාල වුණා. ඒක දැන් සනීප වේගෙන එනවා. සෞඛ්‍යයට නම් ගැටලුවක් නෑ. ආර්ථිකයට තමයි ගැටලු.
ඒ මොනවද? මගේ වාහනය කුඩු පට්ටම්වෙලා ගරාජ් දැම්මා. තව මොන කාලයකින් ඒක ආපහු අරගන්න පුළුවන් වේවිද කියලා කියන්න බැහැ. ඒක හැදුවොත් ලොකුම ලොකු මුදලක් ගෙවන්න වේවි. ඒ විතරක් නෙමෙයි මගේ මගේ වාහනේ නිසා හයිවේ එකේ යකඩ වැට කැඩුණනේ. ඒකට රජයට මුදල් ගෙවන්න වුණෙත් මටම තමයි. වැටට බර ගාණක් ගෙවන්න සිද්ධ වුණා.
අධික වේගය මරු කැදවයි කියලා කතාවටත් කියනවනේ නේද? ඔව් ඉතිං මම ටිකක් වැඩි වේගයකින් නම් තමයි ඩ්‍රයිව් කළේ.
අධිවේගියේ කාර් එක හැප්පුණ එක ගැන රුක්ෂානා කතා කරයි.
Reviewed by Animals world
on
10:03:00 AM
Rating:
No comments: