අප්පච්චි තාම පදින්නේ පරණ කැබ් එකක් - ජැක්සන් ඇන්තනීගේ දුව - Gossip king

Click Here>>>>

අප්පච්චි තාම පදින්නේ පරණ කැබ් එකක් - ජැක්සන් ඇන්තනීගේ දුව


ජැක්සන් ඇන්තනීගේ දුව මාධවී වත්සලා දැන් හුගක් ජනප්‍රියය ඇය වැඩියෙන්ම ආදරය දක්වන අප්පච්චි ගැනයි අම්ම ගැනයි කියූ කතාවක් තමයි මේ. මට ලැබ්ච්ච

 ලොකුම භාග්‍ය මගේ අම්මා සහ අප්පච්චි. ඒ තරම් දක්ෂ, බුද්ධිමත් ඒ වගේම හොද මව්පියන්ගේ දුවෙක් වීම වාසනාවක්. මම හිතෙනවා මගේ අප්පච්චි සහ අම්මා මා ඒක්ක ඉදීවි කියලා සංසාරේ පුරාවට. මගේ අප්පච්චි මාව තේරුම් ගන්න විදිය පුදුමයි.

මගේ යාලුවෝ මට කියනවා මම හරි වාසනාවන්තයි කියලා ඒ ගොල්ලන්ට දැනෙනව කියලා. ජැක්සන් ඇන්නිගේ දුව වීම නිසා නෙවෙයි. එයා මාව තේරුම් ගන්නෙ මගේ වයසට ඇවිත්... කිසිම දෙයකට බල කරන්නේ නෑ. මග පෙන්වනවා අත දෙනවා විතරයි. ඒ ගැන මට වචනවලින් කියන්න තේරෙන්නේ නෑ. මම ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙන දුවෙක්.

මගේ අනාගත බලාපොරොත්තු ගැන කියනවා නම් මම කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය ඉගෙන ගන්නවා. මේ අවුරුද්දේ තුළ පශ්චාත් උපාධිය ඉවර කරනවා.

වෟත්තීය පැත්තෙන් ගත්තොත් මම මගේ නිර්මාණශීලී හැකියාවන් දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා. රංගන ශිලපිනියන් කියන තැනින් ඔබ්බට යන්න මම ඉගෙන ගන්නවා. නිරන්තරයෙන් මම හැමදේම ඉගෙන ගන්නවා. බුද්ධිය දැනුම කියන දේට මම කෑදරයි. ඒක නිසා මම අප්පච්චි දිහා බලලා ඔහු තුළින් දකින් රංගනය, නිවේදනය, රචකයෙක්, ගවේෂකවරයෙක්, අද්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක් කියන භූමිකා වලින් කැමතිම අධ්‍යක්ෂකවරයෙක් කියන දේට. මම ප්‍රාර්ථනා කරනවා මටත් කවදා හරි හොදට ඉගෙන ගෙන සාර්ථක අධ්‍යක්ෂකවරියක් වෙන්න ලැබෙයි කියලා මම ඒ වෙනුවෙන් වැඩ කරනවා. ඒ අතර මගේ උත්සව කටයුතු සංවිධාන කරන ව්‍යාපාරය සාර්ථකව කරගන්න කටයුතු කරනවා.

තව මගේ අහිංසක බලාපොරොත්තුවක් තියෙනව කවදා හරි දවසක අප්පච්චිට වාහනයක් අරන් දෙන්න. මොකද පසුගිය කාලේ බොරු චෝදනා ලැබුවා වාහන ගැන. නමුත් එයා තාම පදින්නේ සීයා කෙනෙක් වගේ 1996 දී ගෙවන්න ගත්ත කැබ් රථය. ඉතින් මම හිතනවා මට පුළුවන් වෙයි කියලා කවදා හරි අප්පච්චිට වාහනයක් අරන් දෙන්න.
අප්පච්චි තාම පදින්නේ පරණ කැබ් එකක් - ජැක්සන් ඇන්තනීගේ දුව අප්පච්චි තාම පදින්නේ පරණ කැබ් එකක් - ජැක්සන් ඇන්තනීගේ දුව Reviewed by Animals world on 12:47:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.