පාර්ලිමේන්තුවේ මාසික ලයිට් බිල ලක්ෂ 50 පනී - විකල්ප සොයයි - Gossip king

Click Here>>>>

පාර්ලිමේන්තුවේ මාසික ලයිට් බිල ලක්ෂ 50 පනී - විකල්ප සොයයි



පාර්ලිමේන්තු මාසික විදුලි බිල රුපියල් ලක්ෂ 50 - 60 ත් අතර වන බැවින් එය අවම කර ගැනීම සදහා සූර්ය පැනල ස්ථීර වශයෙන්ම මෙම වසර තුළදී සවි



කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ. එමෙන්ම පාර්ලිමේන්තුවේ ගෟහ අලංකරණයට කිසිදු ආකරයක හානියක් නොවන අයුරින් පාවෙන සූර්ය පැනල මේ සදහා භාවිත කිරීමට තීරණය කර ඇතැයි කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධාකනත්වයෙන් ඊයේ (02) රැස් වූ කමිටුවේදී ප්‍රකාශ විය.

පාර්ලිමේන්තුව සදහා සූර්ය බලයෙන් විදිලුය ලබා ගැනීමට දළ වශයෙන් රුපියල් මිලියන 300 ක් පමණ වැයවන නමුත් මෙය කිසිදු රටකින් ලබාගන්නා ණය ආධාරයක් මත සිදු නොකිරීමටද තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව ගොඩනැගිමටද කිසිදු රකින් ණය ආධාර ලබාගෙන නොමැති බැවින් මෙම කර්තව්‍යයද දේශීය අරමුදල් යටතේ සිදුකිරීමට තීරණය කර ඇත. ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් 31දාට ප්‍රථම පාර්ලිමේන්තුවට සූර්ය බලයෙන් විදුලිය ලබාගැනීමට මෙහිදී තීරණය කර තිබේ. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ මෙම හමුවට විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා. ලංකා විදුලි බල මණ්ඩලයේ සහ සූර්ය බලශක්ති අධිකාරියේ නිලධාරීහුද සහභාගී වූහ.
පාර්ලිමේන්තුවේ මාසික ලයිට් බිල ලක්ෂ 50 පනී - විකල්ප සොයයි පාර්ලිමේන්තුවේ මාසික ලයිට් බිල ලක්ෂ 50 පනී - විකල්ප සොයයි Reviewed by Animals world on 12:41:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.