මම අය කරන ගාණක් තියෙනවා - මගේ වටිනාකම වැඩි නෑ
දෙරණ ස්ටාර් සිටිත් එක්ක වැඩිම කාලයක් ගතවෙනවා. ඒකත් වගේම සංගීත ප්‍රසංගයන්, නර්තන ප්‍රසංගවලටත් සහභාගි වෙනවා. මේ මාසේ මට චිත්‍රපටයක ෂූටින්
තියෙනවා. ෂෝස් කීපයකට යුරෝප් යන්න හිටියත් ස්ටාර් සිටි නිසා යන්න වුණේ නෑ. ඒ වුණාට සිනමාවෙයි පුංචි තිරයෙයි පේන්න නෑනේ? ටෙලි නාට්‍යවලට නම් යන්නේ නෑ. 2015 අවුරුද්දේ මම රගපෑ චිත්‍රපට 5ක්ම රිලීස් වුණා.
වැඩ නොකර හිටියම ඔයාගෙ තැන වෙන කෙනෙක් ගනිවී කියලා හිතෙන්නේ නැද්ද? මම එහෙම හිතන්නේ නෑ. මම රූපවාහිනි නිළියක් නෙවෙයි. මම සිනමාවට ආසයි. ඒත් සිනමාවෙ තත්ත්වය කනගාටුදායකයි. අලුත් අයට තැනක් හදා ගන්න සිනමාවක් තියෙන්නේ ඕනෑ.
සිනමාව එපා වෙලා වගේනෙ කතා කරන්නේ? සිනමාව අපෙන් වැඩක් ගන්නේ නෑ. දැන් සිනමාවත් නැති තරම්.
චිත්‍රපටවලට කතා කළාම ගණන් උස්සනවලු නේද? ඔව් මගේ අත්දැකීම් එක්ක ගත්තහම මම අය කරන ගාණක් තියෙනවා. මගේ වටිනාකම වැඩි නෑ. සාධාරණයි.
තවම මංගල මුද්ද හදන්නේ නැති පාටයි නේද? තවම නෑ. අම්මා නම් ප්‍රොපෝසල් ඕන තරම් ගේනවා. විවාහය කියන්නේ ලොකු වගකීමක්. කැපකිරීමක්. ඒ කැප කිරීමට මම තවම සූදානම් නෑ
මම අය කරන ගාණක් තියෙනවා - මගේ වටිනාකම වැඩි නෑ
Reviewed by Animals world
on
12:30:00 AM
Rating:
No comments: