රිතූ ඇමතිවරයකුගෙන් ප්‍රසිද්ධියේම සමාව අරගෙන - Gossip king

Click Here>>>>

රිතූ ඇමතිවරයකුගෙන් ප්‍රසිද්ධියේම සමාව අරගෙන


මේ පාර සිංහල අලුත් අවුරුද්ද හැමෝටම වගේම නළු නිළියන් කිහිපදෙනෙකුටත් සුවිශේෂී වුණා. පොළවේ පයගහලා හිටපු සමහර අය අවුරුදු කන්න ගමට යද්දී තව

 පිරිසක්‌ අවුරුද්ද ලබද්දීම විදෙස්‌ගත වුණා. මේ දවස්‌වල ජනප්‍රිය නිළියක්‌ වුණු රිතූ ආකර්ෂත් ඒ අතර හිටියා. ඒ අත්දැකීමේ වෙනස දන්නේ ඇය නිසාම පසුගිය දවසක අපි ඇයට කතා කළා.

රිතූ කොහොමද අවුරුදු? බොහොම ජයයි.

මොකක්‌ද විශේෂත්වය? ප්‍රථම වතාවට විදේස රටකදී අවුරුදු සමන්න අවස්‌ථාවක්‌ ලැබුණා.

හදිසියේම රට සවාරයක්‌ ගියේ ? හදිසියේම නෙමෙයි. මමත් එක්‌ක තව අපේ නළු නිළියෝ කිහිපදෙනෙකුටම ඩුබායිවල පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගිවෙන්න ආරාධනා ලැබිලා තිබුණා.

රිතූ නැතිව පවුලේ අයට නම් අවුරුදු සරු නැතිව ඇති ? අවුරුද්දට ගෙදර ඉන්න වෙන්නේ නැහැ කිව්වහම අම්මි පුංචි විරෝධතාවක්‌ දැක්‌වූවා. ඒත් ප්සසේ ෂේප් කරගත්තා.

තමන්ගේ අය ළඟ නැතිව ගෙවුණු අවුරුද්ද ජයවෙන්නෙ කොහොමද? තාත්තිගේ අතින් නැකතට කිරිබත් කටක්‌ කන්න නොලැබුණු එක ගැන පුංචි දුකක්‌ දැනුණා. ඒත් වෙනසකටත් එක්‌ක කාලෙකට පස්‌සේ හොඳ නිවාඩුවක්‌ ගත කරන්න ලැබුණා.

සමහරු කියනවා රිතූ හැම රූපවාහිනී නාලිකාවක්‌ම බදාගෙනලු? ඕන කෙනෙකුට ඕන කතාවක්‌ කියන්න පුළුවන්. මගේ කාලෙ හොඳ නිසා වෙන්න ඇති මට නිර්මාණ ලැබෙන්නේ.

නමේ හැටියටම ප්‍රේක්‍ෂක ආකර්ෂණය ලබාගත්තා නේද? මම එකම චරිතයකට කොටුවෙලා නැහැ. විවිධ වූ චරිත කරන නිසා වෙන්න ඇති එහෙම වෙන්න හේතුව.

නිතර දකිද්දී ප්‍රේක්‍ෂකයන්ට එපා වෙයිද? එහෙම නොවෙන්න වගබලාගෙන තමයි වැඩකරන්නේ. කියන්න බැහැ. මේ ලෝකේ හැමදේම අස්‌ථීරයිනේ.

නමුත් මේ ජනප්‍රියත්වය තාවකාලිකයි ? ඇත්ත. රංගන ජීවිතය කියන්නේ දේව වරමක්‌ කියලයි මට හිතෙන්නේ. නමුත් මම වැඩකරන්නේ රිතූ කියන නම ප්‍රේක්‍ෂක මතකයේ රැඳෙන තැන ඉඳගෙනයි.

ඒ ජනප්‍රියත්වය නිසාම පසුගිය කාලේ ඔබ ගැන බොහෝ දෙනෙක්‌ වැඩිදුර කතා කළා ? ගොසිප් ගැන නම් කතා කරලා වැඩක්‌ නැහැ. සිද්ධ වෙන දේවල් නෙමෙයි ඒ අය පතුරුවන්නේ. මිනිස්‌සුන්ට මඩගහන එක තරම් සතුටක්‌ වෙබ් අඩවිවලට තවත් නැහැ.

දැන් ඒ ප්‍රශ්ණ ඉවරයිද? ඔව්. මගේ අතින් රිය අනතුරක්‌ සිදුවුණා. ඒකට දඬුවම් ලැබුණා, ගෙවීම් කළා. හැමදේම නීත්‍යානුකූල විදිහට විසඳුණා.

ඔය සිදුවීමට ඇමැතිවරයෙකුගේ නමකුත් ගෑවිලා තිබුණා? ඇත්තටම ඒ පුද්ගලයා එක්‌ක මගේ කිසිම සම්බන්ධයක්‌ නැහැ. ඔහු හොඳ මනුස්‌සයෙක්‌. මම නිසා එතුමාගේ චරිතයට වුණු හානිය නිසා ප්‍රසිද්ධියේ සමාව ගත්තා.

වරදක්‌ නොකළානම් ඇයි සමාව ගත්තේ ? මම නිසා තව කෙනෙක්‌ අපහසුතාවට පත්වෙනවාට මම කැමැති නැහැ.

කාසිවත්තේ චුක්‌කිටද, උතුම්පැතුම් වරුණිටද වැඩි ප්‍රතිචාර ලැබෙන්නේ ? චරිත දෙකම එකවගේ ජනප්‍රියයි. සමහරු වරුණි කියලත් කියනවා. සමහරු චුක්‌කි කියලත් කතා කරනවා.

රිතූට සමාන චරිතයක්‌ ඔය අතරේ නැතිද? වරුණි තරම් නපුරු නම් නැහැ. චුක්‌කිට වගේ මටත් අයියා කෙනෙක්‌ ඉන්නවා. මම මගේ අයියාට ගොඩක්‌ ආදරෙයි.

චුක්‌කි වගේ රිතූත් අයියත් එක්‌ක ගැටුම් ඇතිකරගන්නවාද? අයියයි මමයි කවදාවත් තරහවෙලා නැහැ. තරහවෙන්න තරම් වැරදි දෙයක්‌ මම කරලත් නැහැ. ඉස්‌සරහට කරන්නෙත් නැහැ.

චුක්‌කි නම් පෙම්වතියක්‌, එතකොට රිතූ? දැනට නම් තනිකඩ ජීවිතේ සැහැල්ලුවෙන් ගතකරනවා.

ඒ කියන්නේ කලින් ආදරය කරලා තියෙනවා? ඔව්. මම ආදරය කරලා තියෙනවා. පොඩි පොඩි දේවල් නිසා කාලයත් එක්‌ක ඒ ආදරේ මගෙන් දුරස්‌වුණා.

පවුලේ අය රිතූගේ විවාහය ගැන කතා කරන්නේ නැද්ද? තාත්තා තමයි ඒ ගැන වැඩිපුර කතා කරන්නේ. ඒත් මට තාම විවාහ ජීවිතයක්‌ ගැන හිතෙන්නෙ නැහැ.

ඒ ගැන හිතන කාලෙක රිතූ කොයිවගේ කෙනෙක්‌ ගැනද බලාපොරොත්තු වෙන්නේ ? රිතූ කියන්නේ හරි සැහැල්ලු චරිතයක්‌. ඒ චරිතයේ පැවැත්මට හානියක්‌ නොකරන නිහතමානී කෙනෙක්‌ තමයි මම හොයන්නේ.

ඇත්තටම එහෙම කෙනෙක්‌ හමුවුණේම නැද්ද? මිනිස්‌සු නම් ඕනෑ තරම් මුණගැහිලා තියෙනවා. ඒත් ආදරය කරන්න කෙනෙක්‌ තාම හමුවුණේ නැහැ.
රිතූ ඇමතිවරයකුගෙන් ප්‍රසිද්ධියේම සමාව අරගෙන රිතූ ඇමතිවරයකුගෙන් ප්‍රසිද්ධියේම සමාව අරගෙන Reviewed by Animals world on 12:25:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.