වෙරෝනා නාට්‍යයේ අධ්‍යක්ෂවරිය මට ලොකු වංචාවක්
ඕෂදී මොනවද ඔබ මේ දවස්වල කරන්නේ. විශේෂ දෙයක් නැහැ. ව්‍යාපාරික කටයුතුවල නම් නිරත වෙනවා. රගපෑමෙන් ඉවත්වෙලා ව්‍යාපාර කටයුතු විතරක් කරගෙන ඉන්නද කල්පනාව? කලාවට එන්න කලින් ඉදන් ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවා. වයසට ගිහයම ජීවිතෙත් එක්ක හැප්පෙනවට වඩා හොදයි පුළුවන් කාලේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න එක. ඒකයි බිස්නස්වලට බැස්සේ.
රගපෑමේ අවස්ථා අඩු හින්දද එහෙම හිතුවේ? වැඩිපුර චරිත ලැබෙන්නේ නෑ නම් තමයි. කොහොමත් මම නිර්මාණ භාරගන්නේ ටිකක් බලලා. චරිත නොලැබීම නම් ලොකු ප්‍රශ්නයක් තමයි.
එහෙම වෙන්න හේතුවක් ඇති නේද? කවුරු වෙනස් වුණත් ෂේත්‍රය පරණ විදියමයි. රගපාන්න එන අයට බත් පැකට් එක දීලා වැඩේ කරගන්නවා. ඉතින් මම ඒ වගේ වැඩවලට විරුද්ධයි.
ප්‍රතිවිරුද්ධව වැඩකරන්න ගිහින් තනිවෙලා කියලා හිතෙන්නේ නැද්ද? පෞද්ගිලිකව මට ඒ ගැන දුකක් දැනෙනවා. නාට්‍ය දහයකට ආරාධනා ලැබුණත් වැඩක් නෑ හොද නාට්‍යයක් නොලැබෙනවා නම්.
නාට්‍ය නොලැබීම පිටුපස්සේ කවුරු හරි ඉන්නවා කියලද ඔය වහෙන් හොරෝ කියන්නේ? එහෙම වෙන්න පුළුවන්. අවුරුදු එකහමාරකින් රාජ්‍ය නාළිකාවල නාට්‍ය නිසා වැඩසටහනකටවත් මට කතා කරන්නේ නෑනේ.
ඕෂධී නිෂ්පාදනය කරපු ටෙලි නාට්‍ය, අධ්‍යක්ෂවරිය හින්දා විකාශය කරගන්න බැරි වුණා නේද? ඔව් මම අවුරුදු හතරකට කලින් වෙරෝනා ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළා. ඒත් තවම නාට්‍ය විකුණා ගන්න බැරිවුණා. නෙරෝනා නාට්‍යයේ අධ්‍යෂකවරිය ලොකු වංචාවක් කළා.
ඉතින් ඒ ගැන පියවරක් ගත්තේ නැත්තේ ඇයි? ගත්ත පියවර ගැන ළගදීම දැනගන්න ලැබෙයි.
සිද්ධියි නිසා ආපහු නාට්‍ය නිෂ්පාදනය කරන්නේ නැද්ද? නාට්‍ය නිෂ්පාදනය කරනවා. හැබැයි ඉදිරියේදී ඒ හැම නාට්‍යයක්ම අධ්‍යක්ෂණය කරන්නේ මගේ සැමියා විතරයි. නිකන් සල්ලි නාස්ති කර ගන්න බෑනේ.
ඔබ රගපෑ ඉදිරියට විකාශ්‍ය වෙන්න තියෙන නාට්‍ය මොනවාද? තුෂාරි අබේසේකර අධ්‍යක්ෂණය කළ ශ්වේත ගංතිර ටෙලිනාට්‍යයේ මද්දු කුමාරි චරිතයෙන් ඉදිරියේදී දකින්න ලැබෙයි.
වෙරෝනා නාට්‍යයේ අධ්‍යක්ෂවරිය මට ලොකු වංචාවක්
Reviewed by Animals world
on
12:32:00 AM
Rating:
No comments: