මං ආස තනියම ඉන්න. කොල්ලෝ විශ්වාස කරන්න අමාරුයි-සුලේඛා - Gossip king

Click Here>>>>

මං ආස තනියම ඉන්න. කොල්ලෝ විශ්වාස කරන්න අමාරුයි-සුලේඛා


ඉතින් කොහොමද සුලේඛා ගතවන දවස්? මේ දවස්වල ටෙලි නාට්‍ය හතරක වැඩ කරනවා. දැන් එයින් 2ක් දැනටමත් රූපවාහිනියේ විකාශය වෙනවා. අනිත් දෙක නම්

ඉදිරියේදී විකාශය වෙන්න නියමිතව තියෙනවා. සුලේඛා තවමත් ටෙලි නාට්‍ය නිළියක් විතරද? නැහැ. මම සම්බන්ධ වුණු චිත්‍රපටයක් ඉදිරියේදී තිරගත වෙනවා. මං හිතන්නේ අගෝස්තු මාසේ විතර ඒ චිත්‍රපටය දැකගන්න ලැබෙයි.

එහෙනම් දැන් සුලේඛාගේ වෟත්තියත් රගපෑම වෙලා නේද? හ්ම්.. ඔව්. දැනට වෟත්තීය රංගනය තමයි. වෟත්තියේ කටයුතු එක්ක හුගාක් කාර්යබහුලයි නේද? පුදුම කාර්යබහුලයි. උදේ 5.30ට අවදි වුණාම වැඩ ඉවරවෙන්නේ දහයට එකොළහට විතර.

කොච්චර කාර්යබහුල වුණත් මෙච්චර ලස්සනට ඉන්න නම් ගොඩක් වියදම් කරනවා ඇති නේද? සතයක්වත් වියදම් කරන්නේ නැහැ ඒ වෙන්වෙන් නම්. ක්ලීන් අප්, මේක අප් වත් වැඩිය කරන්නේ නැහැ මම.

එහෙනම් මේ ලස්සන ලැබුණේ වාසනාවටද? ගොඩක් වෙලාවට වාසනාව වෙන්න ඇති. අපි එහෙම හිතමු.

ලස්සන ගෑනු ළමයින්ට ආදර යෝජනාවලින් අඩුවක් නැතිලු  නේද? ආදර යෝජනා ගොඩක් එනවා ඒත් කොල්ලෝ විශ්වාස කරන්න අමාරුයි. මං ආස තනියම ඉන්න. අනිත් එක මේ කාර්යබහුලකමත් එක්ක රිලේෂන් ෂිප් එකත් ගෙනියන්න අමාරුයි. මේ තනි ජීවිතේ හොදි.

එහෙනම් පෙම්වතෙක් තෝරගන්න තව ගොඩක් කල්යයි? මට තවම 21යි නේ. තව අවුරුදු පහක් හයක් තියෙනවා පෙම්වතෙක් තෝරගන්න.

සුලේඛත් අම්ම එක්ක ෂූටින් යන කෙනෙක්ද? අනේ නැහැ. අම්ම බැංකු නිලධාරිනියක් නිසා මාත් එක්ක ෂූටින් යන්න ඉඩක් නැහැ. මම වාහනේ තනියම ෂූටින් යනවා.

රංගනය නිසා උසස් අධ්‍යාපන කටයුතු අමතක කරලද තියෙන්නේ? නැහැ මම දැනට ව්‍යාපාර සහ කළමනාකරණ අංශයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.

ඒ කියන්නේ ඉදිරියේදී තනියම ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන එකද? අනිවාර්යෙන්ම. ඉස්සරහට බලමුකෝ.
මං ආස තනියම ඉන්න. කොල්ලෝ විශ්වාස කරන්න අමාරුයි-සුලේඛා මං ආස තනියම ඉන්න. කොල්ලෝ විශ්වාස කරන්න අමාරුයි-සුලේඛා Reviewed by Animals world on 10:08:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.