ලොකු පන්තියක අක්කකෙනෙක් නංගියකුට කරපු වැඩේ - Gossip king

Click Here>>>>

ලොකු පන්තියක අක්කකෙනෙක් නංගියකුට කරපු වැඩේ


පොළොන්නරුව සේවා මුක්ත කදවුර මහා විද්‍යාලයේ 3 වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවක එම විද්‍යාලයේම ඉහළ පන්තියක සිසුවියක විසින් එන්නත් කටුවකින් කිසියම් ද්‍රව්‍යයක් එන්නත් කිරීම නිසා රෝගාතුර වූ එම ශීෂ්‍යාව ප්‍රතිකාර ගැනීම

 සදහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කොට ඇත. මෙම සිද්ධිය විස්තර කළ රෝගාතුර වූ සිසුවියගේ ලොකු අම්මා වන නාමල්කා දමයන්ති මහත්මිය මෙසේ පැවසුවාය.

දුව 3 වසර පන්තියෙ ඉගෙනුම ලබනවා. පසුගිය සිකුරාද සවස පාසල් ගොස් පැමිණි දරුවා අසනීප ගතියකින් පසු වූ නිසා ඒ මොකද කියා මම විමසුවා. අගහරුවාදා දවල් මම වැසිකිලියට ගොස් එන විට ඉහළ පන්තියක අක්කා කෙනෙක් මාව අල්ලා ගෙන අසල තිබූ ගසක් යටට එක්කර ගෙන ගිහින් ගවුමේ අත ඔසවා එන්නත් කටුවකින් බෙහෙතක් විද්දා. මම කෑගහග විට උඹට මම අනිත් අතටත් විදිනවා කෑගහන්න එපා යැයි පැවැසූ බව දුව කිව්වා. දරුවාගේ අත ඒ වන විට ලපයක් වගේ රතු පැහැගැනි වී තිබුණා. මම පසුවදා දරුවාත් සමග පාසලට පැමිණ පන්තිය භාර ගුරුවරිය හමු වී මේ බව කියා සිටියා. අනතුරුව විදුහල්පතිතුමටත් මේ සිද්ධිය පිළිබද පැමිණිලි කළා.
ඉන්පසු දරුව ප්‍රතිකාර සදහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළා. පොළොන්නරුව පොලිස් ස්ථානාධිපති එස්.එම්.ඩී ජරුල් මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ලොකු පන්තියක අක්කකෙනෙක් නංගියකුට කරපු වැඩේ ලොකු පන්තියක අක්කකෙනෙක් නංගියකුට කරපු වැඩේ Reviewed by Animals world on 2:16:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.