මම ජිම් ගියේ හැමෝටමත් කලින්- ජිම් යෑම ගැන ජානකී කතා කරයි - Gossip king

Click Here>>>>

මම ජිම් ගියේ හැමෝටමත් කලින්- ජිම් යෑම ගැන ජානකී කතා කරයි


කොහොමද චක්‍ර ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර? ඇත්තටම චක්‍ර ටෙලි නාට්‍යය සදහා හුඟාක්‌ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මටත් ඒ ගැන අවංකවම සතුටුවෙන්නට

 පුළුවන්. මං හිතනවා ඒ වගේ නිර්මාණයක්‌ බිහිකරන්න ලැබීම ලොකු දෙයක්‌ කියලා. ක්‌ෂේත්‍රය තුළ නිළියකට වඩා නිෂ්පාදිකාවක්‌ ලෙස රැඳී ඉන්න ලේසිද? ඒක නං ලේසිම නෑ. නමුත් මං හිතනවා නිළියක්‌ ලෙස ක්‌ෂේත්‍රය තුළ ඉන්නවාට වඩා නිෂ්පාදිකාවක්‌ ලෙස ක්‌ෂේත්‍රයට ලෙකු දෙයක්‌ කරන්න පුළුවන් කියලා.

පහුගිය දිනවල ජානකී අන්තර්ජාලය තුළ 'පුවත් මවන්නියක්‌' බවට පත්වෙලා හිටියා නේද? මම කිසිම දෙයක්‌ ගැන එහෙම ලොකුවට හිතන කෙනෙක්‌ නෙමෙයි. නළු නිළියෝ හරි ගායක ගායිකාවෝ හරි ප්‍රසිද්ධ චරිත උනාම එක එක දේවල් කතා කරනවා. ඒක මට අලුත් දෙයක්‌ නෙමෙයි. මම ඒවා ගැන ලොකුවට හිතන්නේ නෑ. ඒවා ඇත්තටම මට ප්‍රශ්න නෙමෙයි.

ඔබ නටාෂා හෝ වෙනත් කෙනෙක්‌ව අනුකරණය කර ලද එවැනි ඡායාරූප පළ කරේ? මම ජිම් එකට යන්න පටන් ගත්තෙ මීට අවුරුදු පහළොවක විතර ඉඳන්. මම පාසල් යන කාලෙ ඉඳන්ම ක්‍රිඩා කරනවා. ඕක මට අලුත් දෙයක්‌ නෙමෙයි. නමුත් ඔය කතාව ආවෙ මම මේ ළඟදි දාපු වීඩියෝ වගයක්‌ හින්දා. මම මීට කලිනුත් එවැනි විඩියෝ අන්තර්ජාලයට දාලා තියෙනවා. සමහරු 'ජිම්' යන්න හිතලවත් නැති කාලවලදි මම ජිම් එකට ගියේ. ඒ නිසා ජිම් යන එක මට අලුත් දෙයක්‌ නෙමෙයි.

නමුත් මෙවැනි ඡායාරූප වීඩියෝ පළකරමින් ජනප්‍රිය වෙන්න උත්සාහ කිරීම රැල්ලක්‌ බවට පත්වෙලා නේද? ඇත්තටම මම මුලින්ම වීඩියෝ අන්තර්ජාලයට දාන දවස්‌වල මේ වගේ කවුරුත් කතා කළේ නෑ. නමුත් දැන් හැමෝම වගේ දාන නිසා ඒ ගැන වැඩිපුර කතා කෙරෙනවා. මම පෞද්ගලිකව වැඩිපුර රංගනයට දායකවෙන්න නෑනෙ. නමුත් මට ප්‍රේක්‌ෂකයෝ සීමිත ප්‍රමාණයක්‌ හරි ඉන්නවනෙ.

නමුත් හුඟ දෙනෙක්‌ ජනප්‍රිය වෙන්න හදන්නෙ ෆේස්‌ බුක්‌' හරහා නේද?ෙ තමන් කරන නිර්මාණවලට ඡායාරූප පළකිරීම වරදක්‌ විදිහට මම දකින්නේ නෑ. අද සමාජ වෙබ් අඩවි රසිකයෝ අතර හුඟාක්‌ ජනප්‍රියයි. ඉතිං එවැනි දේවල් පාවිච්චි කිරීම වරදක්‌ නෙමෙයි. මොකද ෆේස්‌ බුක්‌ හරහා තමයි අද කලාකරුවො සහ ප්‍රේක්‌ෂකයෝ හුඟාක්‌ම ළංවෙලා ඉන්නේ.

නමුත් පහුගිය කලෙ ඇතැම් අය සීමාවෙන් පිටට ගියා නේද?ෙ ඒක මෙහෙමයි. ඕවා දකින කෙනා හිතන විදිහත් එස්‌කයි ඒක දැනෙන්නෙ. අපි හිතමු මම මගේ ආදරවන්තයා එක්‌ක ඉන්න ඡායාරූපයක්‌ ෆේස්‌ බුක්‌ එකට දාන එක වරදක්‌ ද? නෑනෙ. අශෝභන ආකාරයට ඉන්න ඒaවා නෙමෙයි. සාමාන්‍ය ජීවිතේ ඡායාරූප දාන එක වරදක්‌ නෙමෙයි.

පසුගිය කලෙ සමහරු නිරුවත්, අඩ නිරුවත් ඡායාරූප පවා පළ කරානෙ ඇත්තටම මට කවුරුවත් ගැන කතා කරන්න අයිතියක්‌ නෑ. මම හිතන්නේ ඒක ඒ අයගෙ නිදහස, කැමැත්ත කියලා. මම සමහර විට ඒවගේ ඡායාරූප දාන්න කැමති නං මම ඒවා දායි. ඒනිසා මම හිතන්නේ ඒක තම තමන්ගෙ කැමැත්ත කියලා. අනිත් කාරණාව මම හිතනවා එහෙම ඡායාරූප දැම්මයි කියලා ඒ අයගෙ චරිතය නරකයි කියලා කියන්නත් බෑ. මම ඒ අය වැරදියි කියන්නෙත් නෑ. ඕන කෙනෙකුට තමන් ගැන තීරණය කරන්න නිදහස, අයිතිය තියෙනවා.

මොකද හොඳම යාළුවගේ උපන් දිනයට කේක්‌ අරගෙන රෑ දොළහට ගියේ . . ? මට ඕන හැම තිස්‌සෙම කාව හරි සතුටු කරන්න. මං හරි ආසයි කාට හරි හිතන්නෙවත් නැති වෙලාවක තෑග්ගක්‌ දීල එයා සතුටු වෙන හැටි බලන්න. කෙනෙක්‌ සතුටු වෙන හැටි බලලා මම ලොකු සතුටක්‌ විඳිනවා.

ජානකී ගොසිප් වලට බයද? මම ගණන් ගන්නේ නෑ. මං ගැන මොනව ලිව්වත් මම ගණන් ගන්නේ නෑ. උත්තර දෙන්නත් නෑ. මට මොනව කිව්වත් මට කමක්‌ නෑ. ඕවා ඔළුවට ගත්තොත් තමයි ප්‍රශ්නෙ. හැබැයි සමහර දේවල් තියෙනවා කතා නොකරම බැරි. මම මේ ළඟදි ඉන්දියාවෙදි ඇඳුමක්‌ ගත්තා ඒ ඇඳුමෙ ඉන්නෙ බුදුහාමුදුරුවො කියලා ලොකු කතාවක්‌ ගියා. ඇත්තටම ඒකෙ ඉන්නෙ 'ක්‌ලියෝපැට්‌රා' එතනදි නං මම ඒ ගැන කියලා දැම්මා. ඒක විතරයි මගේ ජීවිතේටම එහෙම නිවැරදි කරපු එකම දේ
                                
 
මම ජිම් ගියේ හැමෝටමත් කලින්- ජිම් යෑම ගැන ජානකී කතා කරයි මම ජිම් ගියේ හැමෝටමත් කලින්- ජිම් යෑම ගැන ජානකී කතා කරයි Reviewed by Animals world on 11:42:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.