උදාරිටත් දේශපාලනය කරන්නට එන්න කියලා ආරාධනාවක් ලැබිලා
අපි කවුරුත් අදුනන උදාරි දිනෙන් දිනම මෙරට ජනප්‍රියත්වයේ හිනිපෙත්තට ළඟාවන තාරකාවක්. රංගන ශිල්පිනියක් විදිහට විතරක් නෙමෙයි රූ රැජනක් ලෙසත් ඇය
පහුගිය දිනවල කථා බහට ලක්වුණා.. ඉතිං උදාරි කොහොමද ජීවිතේ? දිගටම shooting වගේ... ඔව්.. සුපුන් රත්නායක මහත්මයාගේ "මගේ ආදර අවනඩුව" සහ චරිත්ගේ "හිද්දලයා" short episode drama වල shooting.
"හිද්දලයා".... චරිතේ මොකක්ද? මේ දුටුගැමුණු කථාව. මං නිරූපණය කරන්නේ රන්මැණිකාගේ චරිතය.
එතකොට චිත්‍රපට... ප්‍රියන්ත කොළඹගේ මහත්මයාගේ ආදරණීය කථාවක් film එක එන්න තියෙනවා. හුඟක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ඒ ගැන. හිතනවා රසික රසිකාවියෝ හුඟ දෙනෙක් ආස කරන චිත්‍රපටයක් වෙයි කියලා. හේමාල් සමග ප්‍රධාන චරිතය නිරූපණය කරනවා මෙහි. ඒවගේම බිමල් ජයකොඩි, අරුණි රාජපක්ෂ මෙහි චරිත නිරූපණය කරනවා.
කාර්යබහුලයි වගේ... චිත්‍රපට, ටෙලි නාට්‍ය බොහොමයකට ආරාධනා ලැබුණා. ඒත් කාලය කළමනාකරණය කරගැනීම මට හුඟක් වැදගත් නිසා චරිතයකට සාධාරණයක් කරන්න පුළුවන් කිහිපයක් විතරයි තෝරා ගත්තේ අනික දරුවා නිසා මං බලන්නේ පුළුවන් තරම් එයා වෙනුවෙන් කාලය ඉතුරු කරගන්න.
පසුගිය කාලයේ ඔබ විවාහක රූ රැජන ලෙස කිරුළු පැළඳුවා... ගොඩක් සතුටුයි. ඒ වගේම ආඩම්බරයි. හැම විවාහක කාන්තාවක් වෙනුවෙන්ම හැම මවක් වෙනුවෙන්ම මට ආඩම්බරයි. මොකද දරුවන් ලැබුණා, ගෙදර වැඩ ගොඩක් තිබුණා කසාද බැන්දා කියලා අපි කාන්තාවෝ විදිහට අපි ගැන විමසිලිමත් නොවී ඉන්න ඕන නෑ. මැරෙනකල්ම අපි අපේ ලස්සන තියා ගන්න ඕන. ඒකට උදාහරණයක් වෙන්න ලැබුණු එක ගැන හැම ගැහැනියක් වෙනුවෙන්ම මට ආඩම්බරයි. කිරුළත් එක්ක මට අනිත් අයට සේවය කරන්නත් හොඳ අවස්ථාවක් ලැබුණා. ඒ ගැනත් හුඟක් සතුටුයි...
එක පාරට අනිත් අයට සේවය කරන්න හිතුනේ වෙන අරමුණක්වත් හිතේ තියාගෙනද? වෙන අරමුණක් කිව්වේ?
දේශපාලනයට එන්නද බලාපොරොත්තුව... මට පහුගිය කාලයේ ඒ සඳහා ආරාධනා ලැබුණා. ඒත් මං හිතන්නේ මං තාමත් ඒ සඳහා සුදුසු නෑ කියලයි.
ඒ කියන්නේ සුදුසු වෙලාව ආවොත් ඒ තීරණය ගන්නවා.. අනේ මන්දා... සුදුසුයි කියලා යම් දවසක හිතුනොත්... බලමුකෝ.
උදාරිට ක්ෂේත්රයේ ඉරිසියාකරන අය තරහකාරයෝ එහෙම ඉන්නවද? ඉන්නවද නැද්ද කියලවත් මං දන්නේ නෑ. මොකද මං shooting ඉවර වුණ ගමන් කරන්නේ ගෙදර එන එක. දරුවා මං එනකන් බලං ඉන්නවා. එයාගේ වැඩ තියෙනවා කරන්න. ඉතිං ඔය කිසි දෙයක් ගැන මං හිතන්නේ නෑ, වැඩ ඉවර වුණ ගමන් ගෙදර එනවා මිසක්..
පියුමි හංසමාලි ඔබේ මිතුරියක්ද? ඒ කවුද ඒ?
උදාරි ඇයව අඳුරන්නේ නැද්ද ඒ කියන්නේ? අනේ මං ඇත්තටම එහෙම කෙනෙක් දන්නෙ නෑ.
ඒ වුණාට ඇය ඔබ පිළිබඳ යම් තොරතුරු ව්‍යංගාර්ථයෙන් සඳහන් කරලා වෙබ් අඩවියකට ප්‍රකාශයක් සිදු කරලා තිබුණා... මං එහෙම දෙයක් දන්නේ නෑනේ.... එහෙම යම් කෙනෙක් මං ගැන සඳහන් කරලා තියෙනවා නං මට කියන්න තියෙන්නේ මං එහෙම අනවශ්‍ය විදිහට ජනප්‍රිය වුන කෙනෙක් නෙමෙයි කියලා...
husband ළඟදි ආවේ නැද්ද? ඇවිත් ගියේ. හැම සිකුරාදා රෑම එයා අපි ළඟට එනවා. ආයෙත් යන්නේ ඉරිදා රෑ. ලොකු වෙහෙසක් වුණත් එයා අපි වෙනුවෙන් ඒ කැප කිරීම කරනවා. වෙන රටක සේවය කරන කෙනෙක් විදිහට නිවාඩු ප්රශ්නය එයාටත් තියෙනවා. ඒත් මං විවාහක රූ රැජන විදිහට කිරුල පළඳින දවසෙත් මාව ධෛර්යමත් කරන්න එයා එක වරුවකට හරි ලංකාවට ඇවිත් ගියා. මට කිරුල පළඳවපු ගමන් එයා මට wish කරලා කෙලින්ම ගියේ air port එකට.
ඇයි උදාරි ක්ෂේත්රයේ අයව අඳුරන්නේ නැත්තේ? අනේ එහෙම දෙයක් නෙමෙයි. බබා හම්බවෙන්න ඉන්නකොට මං වැඩි දවසක් ලංකාවේ හිටියේ නෑ. ඉතිං ඒ කාලේ ක්ෂේත්රයට ආව අය තරමක් දුරට මග හැරුනා.. අනික පුළුවන් තරම් දැනටත් අපි ඉන්නේ මහත්තයා ළඟ, සිංගපූරුවේ. shooting නං තමයි මෙහෙ ඉන්නේ. ඉතිං ඒ නිසාම හුඟ දෙනෙක් මග හැරෙනවා.
උදාරිටත් දේශපාලනය කරන්නට එන්න කියලා ආරාධනාවක් ලැබිලා
Reviewed by Animals world
on
11:11:00 PM
Rating:
No comments: