හේමාල් උදාරි එක්ක ඉන්නවා දැකලා සේමිණීට ඇඩුණෙ ඇයි? - Gossip king

Click Here>>>>

හේමාල් උදාරි එක්ක ඉන්නවා දැකලා සේමිණීට ඇඩුණෙ ඇයි?



fyaud,a Wodß tlal bkakjd
oel,d fiañŒg wevqfK wehs@

ug ta fj,dfj wdfj mqÿu flaka;shla - fiañŒ

‘ආදරණීය කතාවක්’ චිත‍‍්‍රපටය නරඹපු ඇයගෙ නෙතට කඳුළක් නැගුණලූ. ඒ තරමටම ඇගේ හදවතට කතා කරන්නට ඒ කතාව සමත්වෙලා. ඉතින් ඒ තරමට මසංවේදී වුණු ‘ආදරණීය කතාවක්’ ගැන අපි ඇගෙන් අහමු. ඒ දෑසට කඳුළු අරන් ආවෙ කවුද කියලා. ඇය සේමිණි ඉද්දමල්ගොඩ.


සේමිණි, ඔබ ‘ආදරණීය කතාවක්’ චිත‍‍්‍රපටය බලලා ගොඩක් හැඟු‍ම්බර වුණා. ඔබේ දෙනෙත් කඳුළින් පිරුණා?

‘ආදරණීය කතාවක්’ චිත‍‍්‍රපටයේ කතාවට මං ගොඩක් කැමැතියි. හරිම සංවේදියි. ඒ රූපරාමු එකින් එක දිග හැරෙද්දි, ඒ රංගන ශිල්පීන්ගෙ තාත්වික රංගනය මගේ හදවතටම දැනුණා. ඒ අයගෙ සම්බන්ධකම්වල තියෙන දුක මට හදවතටම දැනුණා. ඒ එක්කම අරුණිගෙ චරිතය පිළිබඳව මට ඇතිවුණේ පුදුම කේන්තියක්. වෙලාවට මගේ ළඟ හිටියෙ නෑ. හිටියානම් මං අරුණිට හොඳටම ගහනවා.

ඇයි ඔබට අරුණි පිළිබඳ එවැනි සිතුවිල්ලක් පහළවෙන්නෙ?

අධ්‍යක්ෂවරයා නිවැරැුදිව රංගන ශිල්පීන්ව රංගන කාර්යයට යොමුකරලා තිබුණා. මම ගොඩක් සංවේදී කෙනෙක්. මේ චිත‍‍්‍රපටය නරඹද්දි මමත් රසිකාවියක්. ඒ කතාවට අනුව හේමාල්ගෙයි, උදාරිගෙයි ජීවිත අතරට ආව අරුණි ගැනමට ඇතිවුණේ පුදුමාකාර කේන්තියක්.

ඔබ එවැනි තත්ත්වයකට පත්වෙන්නෙ රංගන ශිල්පීන් තමන්ගෙ රංගන කාර්යය හරියටම ග‍‍්‍රහණයකරගෙන තිබුණු නිසා?

සත්තකින්ම, මං එවැනි තත්ත්වයකට පත්වෙන්න හේතුව වන්නෙත් ඒකමයි. මගේ ඇස්දෙකට කඳුළක් අරගෙන එන්න ඒ රංගනය සමත්වුණා නම්, සාමාන්‍ය කෙනෙක් බොහොම ඉක්මනින් සංවේදී වෙනවා.


ඇත්තටම ඔබගෙ දෑසට කඳුළු අරගෙන එන්නට සමත්වුණේ කාගෙ රංගනයද?

හේමාල්, උදාරියන දෙදෙනගෙ ජීවිතවලට ආව ප‍‍්‍රශ්නවල දි තමයි මගේ ඇසට කඳුළු නැගුණෙ. ඒත් එක්කම අරුණි ගැන ලොකු තරහක් ඇතිවුණත්, පස්සෙ මට තේරුම් යනවා අරුණි මේ කරලා තියෙන්නෙ රඟපෑමක්නෙ කියලා. ඒත් එක්කම මට ඇගේ රංගනය ගැනත් ලොකු සතුටක් ඇතිවෙනවා. ප‍‍්‍රියන්තගෙ හොඳ අධ්‍යක්ෂණයක්.

හේමාල්ගෙ රංගනය ඔබේ සිතට වඩාත් දැනුණයි කියලා මම කීවොත්?

ඇත්තටම නවක රංගන ශිල්පීන් අතර හේමාල්ගෙ රංගනයට මම විශේෂයෙන් කැමැතියි. ඔහුගෙ රඟපෑම් හරිම තාත්විකයි. ස්වාභාවික ජීවිතයට බද්ධවුණු රංගන පරාසයක් මං ඔහුගෙන් දකින්නෙ. ඇත්තමයි අපේ කාලයේ වීරයා තමයි හේමාල්.  ඕනෙම ගැහැනු සිතක් ඒ ආදරණීය බව ළඟ නතර වෙනවා.

සැබැවින්ම ඔබ ඔහුගෙ රංගනයට වශීවෙලා?

ඇත්ත, මං ‘ආදරණීය කතාවක්’ තුළ ඔහුගෙ රංගනයට වශීවුණා. ඒ කතාව, ඒ ඇක්ටින්, ඒ බැල්ම  ඕනෙම කෙනෙකුගෙ සිත නතර කරන්නට සමත් වෙනවා. මමත් මෙතන දී රසිකාවියක්. ඉතින් අනෙකුත් රසිකාවියන් වගේම මමත් හේමාල්ගෙ රංගනයට ලොබ බඳිනවා. ඒක තමයි ඇත්ත.

‘ආදරණීය කතාවක්’ තුළින් ඉස්මතු වුණේ නවක පරම්පරාවෙ හැකියාවන්. ඒ හැකියාවන් පළපුරුදු රංගන ශිල්පිනියකවන ඔබ දකින්නෙ කොහොමද?

මං දැකපු විදිහට නවකයන් අතුරෙන් සීමිත සංඛ්‍යාවක් තමයි අවබෝධයෙන් යුතුව රංගනයේ යෙදෙන්නෙ. බොහෝ දෙනෙකුගෙ අවශ්‍යතාව වෙන්නෙ ජනප‍‍්‍රියවීම ම පමණයි. ඒ කිහිපදෙනා අතරින් රංගනයේ පරතෙර සොයාගෙන යන පිරිසක් තමයි ‘ආදරණීය කතාවක්’ චිත‍‍්‍රපටයේ රංගනයට එකතු වෙන්නෙ. මං හරිම කැමැතියි ඒ රංගන පරාසයට. ලොකු දිගු ගමනක පෙර නිමිති පේන්න තියෙනවා. නිතරම දකින දකින නිර්මාණවලට දායක නොවී රංගනය ගැන හැදෑරීමක් කරගෙනම මේ ගමන යන්නට පුළුවන් නම් මේ අයගෙ අනාගතය ගොඩක් හොඳ වෙයි. අපේ අලූත් පරපුර හිතන්නෙ හැමදාම ෂූටිං තියනවා නම් ඒක මහා ලොකු කමක් කියලා. ඒක එහෙම නොවී, තමන් රංගනය පිළිබඳ හදාරමින්, ඒ සඳහා කාලය වෙන්කරමින් මේ ගමන ඉදිරියට යනවානම්ෙ ම් අලූත් පරපුරේ ගමන ස්ථාවරයි.
හේමාල් උදාරි එක්ක ඉන්නවා දැකලා සේමිණීට ඇඩුණෙ ඇයි? හේමාල් උදාරි එක්ක ඉන්නවා දැකලා සේමිණීට ඇඩුණෙ ඇයි? Reviewed by Animals world on 2:28:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.