පෙම්වතියගේ SMS එකෙන් පසු පෙම්වතා දිවිනසා ගෙන - Gossip king

Click Here>>>>

පෙම්වතියගේ SMS එකෙන් පසු පෙම්වතා දිවිනසා ගෙන


ආදර සම්බන්ධය අවසන් බවට පෙම්වතියගෙන් SMS පණිවිඩයක් ලැබීම නිසා සිත්තැවුලට පත් 21 හැවිරිදි තරුණයෙක් වස පානය කර සිය දිවි හානි කර ගෙන තිබේ. අගලවත්ත වදුරඹ පදිංචි ඉරේෂ් මධුශංක නැමැති මේ තරුණයා පිඹුර

 රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. එදින සවස තම පෙම්වතිය සමග නිවෙස පිටුපසට වී දුරකථනයෙන් කතා කරමින් සිට ඇති මියගිය තරුණයා වෙළෙදසලකට ගොස් විස සහිත කුඩු පැකට් දෙකක් රැගෙන විත් එය දිය කර පානය කර ඇති අතර ඒ බව ඔහුගේ මිත්තණිය දැනගෙන ඇත්තේ මද වේලාවකට පසුවය. වහා අසල්වාසීන් පැමිණ රෝගියා පිඹුර රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලය රෝගියා බේරා ගැනීමට දැඩි වෙහෙසක් ගත්තද තරුණයා මියගොස් ඇත.

අවසන් වරට ඔහුගේ 16 හැවිරිදි පෙම්වතිය SMS පණිවිඩයක් මගින් දන්වා ඇත්තේ තමා සමග අමනාප නොවන ලෙසත් තමාව යහළුවකු ලෙස දිගටම ඇසුරු කරන ලෙසත්ය. මෟත දේහය වෛද්‍ය පරීක්ෂණ සදහා කළුතර නාගොඩ රෝහල වෙත ඊයේ (28) රැගෙන ගිය අතර සිද්ධිය පිළිබදව මතුගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පෙම්වතියගේ SMS එකෙන් පසු පෙම්වතා දිවිනසා ගෙන පෙම්වතියගේ SMS එකෙන් පසු පෙම්වතා දිවිනසා ගෙන Reviewed by Animals world on 12:15:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.