අධ්යක්ෂවරුන් මේනකාගේ දකින්න ඕනේ දේ මොකද්ද?
මෙවර රයිගම් ටෙලිස් හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය හිමි වූයේ ඇයටයි. ඉතින් ඒ සතුට වචන වලට පෙරලන්නට වගේම කියන්නට තවත් බොහො දේවල් ඇයට ඇතිි. එ නිසා ඊට අවස්ථාව ලබා දෙමින් මෙවර රසඳුන පිළිසදර අරඹන්නේ ඇය සමඟයි. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනි මේනකා පීරිස්.
ලැබුණු සම්මානය ගැන මෙනකා බොහොම ආඩම්බරයෙන් වගේයි ඉන්නේ?
ලංකාවේ දක්ෂ රංගන ශිල්පිනියන් බහුතරයක් මැද්දේ දක්ෂතම රංගන ශිල්පිනිය වීම ගැන තිඛෙන්නේ ලොකු සතුටක් සහ නිහතමානි ආඩම්බරයක් මිසක් කිසිම ලොකු කමක් නම් නෙමෙයි.
දක්ෂතම රංගන ශිල්පිනිය වුණු පළමු වතාව නෙමෙයි නේද?
ඔව්. මින් පෙර රාජ්‍ය සම්මාන උලළේදිත් හොඳම නිළිය වුණා.
දක්ෂතම නිළිය ලෙස දෙවරක් පිදුම් ලැබීම ගැන මොකද හිතෙන්නේ?
එය මට ලැබුණු වාසනාවක් සහ පිනක්. රංගන ක්ෂේත්රයට ඇවිත් තවමත් වසර හයකට ආසන්න කාලයක්. ඉතින් මේ කාලය තුළදි දෙවතාවක් හොඳම රංගන ශිල්පිනිය ලෙස පිදුම් ලැබීම මම ලද ලොකුම භාග්‍යයක්, වාසනාවක් සහ පිනක් කියලා මම අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා. මේ මොහොතේ පවා දැනෙන්නේ අද ඊයේ මේ සම්මානය ලැබුණා වගේ. මතක් කරන කොටත් රංගන ජීවිතයේ වැඩකටයුතු තව තවත් හොඳින් කරගෙන යන්න සහ තව තවත් රංගනයට සාධාරණයක් ඉටු කරන්න හිතට ලොකු ධෛර්යයක් දැනෙනවා.
වසර හයක් වැනි කෙටි කාලයකින් සාර්ථකත්වය කරා යෑමේ රහස මා ඇසුවොත්?
මගේ කුමක් හෝ පිනකට අධ්‍යක්ෂකවරු මට චරිතයකට ආරාධනා කළේ ඔවුන් මගේ ටැලෙන්ට් එක හඳුනා ගෙන. සරල ස්ක්‍රිප්ට් එකකට සරලව වැඩ කරලා ගෙදර එන්න පුළුවන් නිර්මාණ මට නොලැබුණු තරම්. මම ආවේ හිමින් ගමනක්. ඉතින් මගේ ටැලන්ට් එක හඳුනා ගත් අධ්යක්ෂවරු මාව නිර්මාණවලට දායක කර ගත්තා. මුලින්ම හොඳම රංගන ශිල්පිනය ලෙස මට සම්මානය හිමි වන්නෙත් මගේ පළමු රංගනයටමයි. ඉතින් පළමු නිර්මාණයෙන්ම එවැනි ඇගැයිමකට ලක් වෙනකොට නැවත වතාවක් බැරෑරුම් චරිත ලැබුණා. නොපිරිහෙලා මමත් ඒ චරිතවලයට සාධාරණය ඉටු කළා.
මෙවර සම්මානය ඔබ සතු වේවි යැයි විශ්වාසයක් තිබුණාද?
මට මං ගැන කොහොමත් හොඳ විශ්වාසයක් තිබුණා. එදා මගේ අම්මා කියූ දේ තවම මට මතකයි. ර්ණ සම්මානයකට නිර්දේශ වීම පවා සම්මානයක් ලැබුණා හා සමානයි එ නිසා මේ සම්මානය ඔයාට ලැබුණත් නැතත් ඔයා දැන් දිනුම් කියලයි.
මේ සම්මානය ඔබට නොලැබුණා නම් වඩාත් නිර්දේශිත නාම වලින් ගැලපෙන්නේ කා හටද?
එය නම් කියන්න අමාරු උත්තරයක්. මං ගැන මට ඕනෑ පිළිතුරක් දෙන්න පුළුවන්. තව කෙනෙකු සම්බන්ධව ඇයගේ දක්ෂතාව කිරලා මැනලා බලන්න කියලා මට කිව්වෝතින් එහි සාධාරණත්වයක් නැහැ. මම පරිණත පැරණි කලාකාරිනියක් නම් යම් වේලාවක මට පිළිතුරක් දෙන්න පුළුවන් වෙයි. නමුත් මම නව පරපුරේ ශිල්පිනියන්ගේ සමකාලීනයෙක්. ඒ නිසාම නිර්දේෂ වුණු අනෙක් සහෝදර රංගන ශිල්පිනියන් දෙදෙනාවම මට කිරලා මනින්න බැහැ. කිරුවොත් ඔවුන්ගේ දක්ෂතාවන් සමානයි.
සම්මානයක් ලැබුණු පසු ප්‍රශංසා මෙන්ම විවේචනද පසු පසම එනවා. මේනකා කොහොමද එයට මුහුණ දෙන්නේ?
මම දැනුවත්ව මට එවැනි කිසිම විවේචනයක් මේ දක්වා ඇවිත් නැහැ.. සුබ පැතුම් ගණනාවක් මේ මොහොත දක්වාම ලැඛෙනවා.
පුංචි තිරයේ මෙන් රිදි තිරයේ පෙරළියක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?
බොහොම ලොකු බලාපොරොත්තුවක් තිඛෙනවා නමුත් මම දකින විදිහට මගේ හිතේ පමණක් ඒ ආකල්පය තිබිලා මදියි. මගේ දක්ෂතාවය රිදි තිරයේ එන අධ්යක්ෂවරුන් දකින්න ඕනේ. ඉතින් එවන් චරිතයකට ආරාධනා ලැබුණොත් මම අනිවාර්යයෙන්ම එය නොපිරි හෙලා ඉටු කරනවා. නමුත් සිනමා ක්ෂේත්රයේ අපි දිහා බලන ඇහැ බොහොම පුංචියි. එයට හේතුව මම දන්නෙ නැහැ. ඉතින් කවදම හරි දවසක අපේ දක්ෂතාවය හඳුනා ගෙන අවස්ථාවක් ලැබුණොත් ලොකු දෙයක්. නමුත් අවස්ථාවක් නොලැබූණත් එය අපේ වරදක් නොවෙයි .
පුංචි තිරයට දැන් ලැඛෙන ආරාධනා වැඩියි ඇති?
නව නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. මේ දවස්වල සාකච්ඡා මට්ටමින් යන්නේ. රියැලිටි වැඩසටහනකටත් මේ දිනවල සම්බන්ධ වෙලා ඉන්නවා. එහි අවසන් අදියර තිඛෙන්නේ දෙසැම්බර් මාසයේ. ඉන් පසු හොඳ ලස්සන නිර්මාණයක් ලැබුණොත් දායක වේවි.
මේනකාගේ ජීවිතයේ මුල් තැන දැන් රංගනයටයි?
ඔව්. හරියටම හරි.
ඒ කියන්නේ දිගටම ඔබ ලංකාවේ රැඳේවි ?
ඔව්.
අධ්යක්ෂවරුන් මේනකාගේ දකින්න ඕනේ දේ මොකද්ද?
Reviewed by Animals world
on
4:20:00 AM
Rating:
No comments: