කවද හරි මම හොද බිරිදක් වෙනවා - ගීතිකා රාජපක්ෂ කියයි - Gossip king

Click Here>>>>

කවද හරි මම හොද බිරිදක් වෙනවා - ගීතිකා රාජපක්ෂ කියයි


උතුම් පැතුම් ටෙලි නාට්‍යයට සුදු හාමිනේ වුන ගීතිකා රාජපක්ෂ රූගත කරන කැමරාව ඉදිරියේ තොරතෝංචියක් නැතුව කියවන චරිතයක් බවට පත්වෙලා. ඇය ඒ

චරිතයට භාවිත කරන වචන නිසාම මේ දිනවල ඇය ගැන වැඩිපුර කතාබහ වෙනවා. සැබෑ ජීවිතයේදීත් ඒ කටකාර හඩ ඒ විදිහමයි. ඇයට ආදරය කරන අය වෙනුවෙන් ඇය ගැන තොරතුරු තබන්න මේ ඉඩකඩ වෙන් කළා.

හැම නිළියක් වගේම ගීතිකාත් මේ දවස්වල කාර්යබහුල වෙලාද? පසුගිය දවස්වල නම් විවේකයක් නැති තරමට කාර්යබහුල වුණා. මේ දවස් ටිකේ නම් විවේකීව ඉන්න කාලය ලැබුණා. ඒ අතරතුර මේ දවස්වල විකාශය වන උතුම් පැතුම්, ආදරය ගින්දරක්, අංකල් සෑම් කියන ටෙලි නාට්‍යවල රූගත කිරීම්වලටත් සම්බන්ධ වෙනවා.

ටෙලි නාට්‍ය තුනේම කටකාර දගකාර චරිත නේද? උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ හුදු හාමිනේ කියන චරිතයේ නම් හුගක් කටකාරයි. ඔහේ කියවනවා. ඒ චරිතයට අලුත් වචන පාවිච්චි කරනවා. සමහර වචනවල නම් මම තේරුම දන්නෙත් නැහැ. ඒ වෙලාවට පිටපත් රචකයාගෙන් ඒ වචනවල තේරුම දැන ගන්නවා. මොකද වචනවල තේරුම නොදැන වචන භාවිත කිරන්න බැහැනේ. එහෙම වුණොත් ඒකේ හානිය වෙන්නේ මට. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙනවා. ඒ වගේම ආදරය ගින්දරක් කියන ටෙලි නාට්‍ය යේ රගාපාන්නත් නපුරු චපල චරිතයක්. අංකල් සෑම් ටෙලි නාටයේ විශ්මිගේ චරිතය මුල් කාලේ හරිම නපුරුයි. ඒත් මේ දවස්වල නම් වෙනස්වෙලා.

ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොයි වගේද.. මේ දවස්වල ගීතිකා වැඩිපුර බැණුම් අහනවා කියලා ආරංචියි..? පිරිමි ළමයින්ගෙන් වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ සුදු හාමිනේට. ඒ චරිතෙට හුගදෙනෙක් ආදරෙයි. පුදුම කටක් තියෙන්නේ කියලා තමයි හැමෝම කියන්නේ. ඒ වුණාට ආදරය ගින්දරක් ටෙලි නාට්‍යයේ චරිතයට බැණුම් විතරයි අහන්නේ. මට එන ඇමතුම්වලත් එස්.එම්.එස් වලත් ආදරෙන් කතා කරන අය නැහැ. ඒ විතරක් නෙමෙයි ෆේස්බුක් ගිණුමට ළගදී පණිවිඩයක් ඇවිත් තිබුණා දුෂ්ටි කියලත්. ඒ කියන්නේ ඒ අයට මගේ රගපෑම දැනිලා තියෙනවා. මට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්.

ප්‍රතිචාර ලැබෙන පිරිමි ළමයින්ගෙන් ආදරයට ඇරයුමු නැහ කිව්වොත් ඒක බොරුවක් නේද? ඇත්තටම කිව්වොත් පිරිමි ළමයින්ගෙන් ආදරයට ඇරයුම් ලැබෙන අවස්ථා තියෙනවා. ඒත් මම රගපාන චරිතවලට ආදරය කරන අයට මම කොහොමද ආදරය කරන්නේ? මම ඇත්ත ජීවිතේදී ඊට වඩා සෑහෙන්න වෙනස්. ඒ නිසා ඒ ඇරයුම් මම ආදරයෙන් ප්‍රතික්ෂේප කරනවා.

පෙම්වතා කැමතිද ගීතික නිළියක් විදිහට වැඩ කරනවට..? මම තවම පෙම්වතියක් නෙමෙයිනේ. මම හිතනවා මම පෙම්වතියක් වුණොත් මගේ පෙම්වතා මගේ හැකියාව තේරුම් අරගෙන මට රගපාන්න අවසර දෙයි කියලා. මට පෙම්වතෙක් ලැබුණොත් ඉක්මනට විවාහ වෙනවා. ඒ වගේම රගපෑම දෙවැනි වෙන්නේ මගේ ආදරයට හා විවාහයට විතරයි. කවදා හරි දවසක විවාහ වුණොත් මම මගේ සැමියාට හොද බිරිදක් වෙනවා කියන එක නම් කියන්න ඕන.

රංගනයට පිවිසිලා අවුරුදු දෙකයි. සාර්ථකත්වය ගැන මොකද හිතන්නේ? පුංචි කාලයක් ඇතුළත මේ තරම් ප්‍රෙක්ෂක ආදරයක් ලබන්න පුළුවන් වුණ එක ගැන සතුටුයි. ඒ වගේම මම සාර්ථකයි කියලා හිතෙනවා. මීට වඩා හොද දෙයක් කරන්නත් ලොකු අදහසක් තියෙනවා.

චිත්‍රපටවලට ඇරයුම් ලැබෙන්නේ නැද්ද? චිත්‍රපටවලට ඇරයුම් කිහිපයක් ලැබුණා. නමුත් ඒ චරිත මට ගැළපෙන්නේ නැහැ. මම ජනප්‍රියත්වය උදෙසා විතරක් රගපාන්නේ නැහැ. ඇදුම ගැන කතාබහ කරන විදිහ චරිතයේ මට හැසිරන්න තියෙන විදිහ ගැන පවා මම හිතනවා. ඇත්තටම කිව්වොත් මට හැමදේටම වඩා මගේ ආත්ම ගෞරවය වටිනවා. ඒ මත තමයි මම චරිත තෝරා ගන්නේ. ඒ නිසා හුගක් චරිත ප්‍රතික්ෂේප කරන්න සිදු වෙයි.
කවද හරි මම හොද බිරිදක් වෙනවා - ගීතිකා රාජපක්ෂ කියයි කවද හරි මම හොද බිරිදක් වෙනවා - ගීතිකා රාජපක්ෂ කියයි Reviewed by Animals world on 12:11:00 AM Rating: 5

No comments:

Powered by Blogger.