මුහුණුපොතේ ඉන්නේ දැනුම ඇති පිරිසක්‌ නෙමෙයි - මුතූ තරංගා - Gossip king

Click Here>>>>

මුහුණුපොතේ ඉන්නේ දැනුම ඇති පිරිසක්‌ නෙමෙයි - මුතූ තරංගා


මේ දිනවල මුතු ගැන පැතිර යන අලුත්ම කතාව තමයි පෙම්වතා හැර ගිහිං කියලා. මුතුගේ පෙම්වතා ඇත්තටම හැර ගිහිංද? මුතු ඔබට කාලෙන් කාලෙට හරි ප්‍රශ්න නේද

 ඔව්නේ. ප්‍රශ්නවලින් නම් අඩුවක්‌ නැහැ. මුහුණුපොතේ ඉන්නේ දැනුමක්‌ තියෙන පිරිසක්‌ නෙමෙයිනේ. ඒක හින්දා ඔවුන් පතුරුවන කතා හින්දා නිතර නිතර ප්‍රශ්න ඇතිවෙනවා. මට හිතෙන්නේ ලංකාවේ තමයි ලොකුම මානසික ලෙඩ්ඩු ඉන්නේ.

පෙම්වතා හැර ගියාලු නේද? මමත් ඔය කතාව දන්නේ සමාජ වෙබ් අඩවිවල පළවුණාට පසුව තමයි.

එතකොට මේ කතාව බොරුවක්‌ද? මෙහෙමයි. අපි දෙන්නා නිතරම ප්‍රිය සම්භාෂණවලට සහභාගිවෙනවා. හැබැයි පසුගිය ටිකේ නිශාන්තට කාර්යබහුල වුණා. අනික මම හිටියෙත් ඇහැලියගොඩ. ඒ හින්දා අපි දෙන්නාට එකට ප්‍රිය සම්භාෂණවලට සහභාගිවෙන්න බැරිවුණා. ඒ හින්දා තමයි ඔය වගේ කතාවක්‌ පැතිරෙන්න ඇත්තේ.

ඔය ඇත්තමද කියන්නේ ? ඔව්. මගේ පෙම්වතා හැරගියේ නැහැ.

මුතුගේ ආදරයටත් අකුල්හෙලන අය ඉන්නවාද? අපොයි ඕනෑතරම් ඉන්නවා. මේ ප්‍රශ්නය එහෙම දෙයක්‌ නෙමෙයි. එක එක්‌කෙනා අපි ගැන හිතන විදිහ වෙනස්‌. සමහරු කැමැතියි අපි සතුටින් ඉන්නවාට. තවත් සමහරු කැමැතියි අපි දුකෙන් ඉන්නවාට. හැමෝටම බාධක කියන දේවල් තියෙනවානේ. ඉතිං අපේ ආදරයටත් එවැනි බාධක තියෙනවා කියලයි මට හිතෙන්නේ.

මේ වගේ දේවල් ඇහෙනකොට මොකද හිතෙන්නේ ? මට හිතෙන්නේ තවමත් මිනිස්‌සු මං ගැන සොයනවා කියලා.

ඒක නිසාද මේ වගේ කතා පතුරුවන්නේ? සමහරු හොඳ වගේම තවත් සමහරු නරක කතා අපි ගැන පතුරුවනවා.

හැබැයි මෙවැනි කතා කියන්නේ නිකමට නෙමෙයි නේද? කෙනෙක්‌ එහෙම හිතන්න පුළුවන්. හැබැයි අපේ ජීවිතවල ඇතුළාන්තය දන්නේ අපි විතරයි. අපි අතර ප්‍රශ්න නැතිවුණත් ප්‍රශ්න ඇතිකරන්න සමහරු බලාගෙන ඉන්නවා. අපි දෙන්නාම ගොඩක්‌ කාර්යබහුල වුණා. ඒක හින්දා අපි දෙන්නාට එකට ගමන් යන්න බැරිවුණා. ඒක හින්දා තමයි ඔය වගේ කතා ඇහෙන්න පටන්ගත්තේ.

ඉක්‌මනටම විවාහ වුණා නම් ඔය වගේ කතා අහන්න වෙන්නේ නැහැනේ? හැමෝම අහන ප්‍රශ්නය ඒක තමයි. බලමු මේ අවුරුද්දේදිවත් විවාහ වෙන්න.

පෙම්වතුන්ගේ දිනයට මොකද කරන්නේ ? විශේෂයක්‌ නැහැ.

මේ වගේ ප්‍රශ්න ආපුවහම ජීවිතය ගැන කලකිරෙනවාද? මම නම් ඔය වගේ ප්‍රශ්නවලින් සැලෙන්නේ නැහැ. මට හිතෙන්නේ මා ගැන මිනිස්‌සු හරි අවධානයෙන් ඉන්නවා. මම ටෙලිනාට්‍යවල රඟපාන්නේ නැතිද?. අලුත් ආරාධනා ලැබෙනවාද කියලා සොයන පිරිසක්‌ ඉන්නවා. අනික මාව කවුරුත් තවම අහකට දාලා නැහැ කියලත් හිතෙනවා. සමහර වෙලාවට කටකතා ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. අනික කටකතාවලින් ලොකු බලපෑමක්‌ කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.

පෙම්වතා හැරගිය කටකතාවත් ඇත්තද? ඒක මාධ්‍යයට කියන්න බැරිකමක්‌ද තියෙන්නේ? අපොයි නැහැ. ඔය ප්‍රශ්නයත් මාර දෙයක්‌ වෙලා තියෙන්නේ. මගේ යාළුවෝ කිව්වා අපි දෙන්නාගේ වීඩියෝ එකක්‌ හරි ෆෝටෝ ෂූට්‌ එකක්‌ හරි කරලා අන්තර්ජාලයට මුදා හරින්න කියලා.

කවුරු හරි ඔය දෙන්නව වෙන් කරන්න හදනවද? එහෙම දේවල් නම් තියෙනවා. ඒවා බොරු නෙමෙයි. හැබැයි අපි දෙන්නා ගොඩක්‌ තේරුම් අරගෙන ඉන්න හින්දා ගොඩක්‌ අයට ඒක කරගන්න අමාරු වුණා.

මේ කතාව ගැන නිශාන්ත මොකද කිව්වේ ? හිනා වුණා.

ඔහු මේ කතා ගණන් ගන්නේ නැහැ? නිශාන්ත කටකතා කියන කිසිම දෙයක්‌ ගණන් ගන්නේ නැහැ. මොකද ඔහු ඇත්ත තත්ත්වය දන්නවා.

නිර්මාණවලට එහෙම ආරාධනා ලැබෙන්නේ නැතිද? ලොකු වැඩක්‌ කියලා නැහැ. ප්‍රසංග කිහිපයකට ආරාධනා ලැබුණා.

වැඩිය ටෙලිනාට්‍යවල දකින්න ලැබෙන්නේ නැහැ නේද? ආරාධනා ලැබෙනවා. හැබැයි මම තෝරා බේරාගෙන තමයි සහභාගිවෙන්නේ.

ඇයි ඒ ? ආරාධනාවලින් නම් අඩුවක්‌ නැහැ. හැබැයි මූල්‍යමය ප්‍රශ්න තියෙනවානේ. අනික හැමදාම පෙම්වතියගේ චරිතය රඟපාන්නත් බැහැනේ. මමත් ආසයි විවිධ විවිධ චරිත රඟපාන්න. එක තැනකට කොටුවෙන්න කැමැති නැහැ.

මුතුට නිර්මාණවලට ආරාධනා කරන්නේ අඩු මුදලකටද? අඩු මුදලකට නෙමෙයි. ගොඩක්‌ අය ඔවුන්ගේ මුදලට තමයි නිර්මාණවලට කතා කරන්නේ. අපිට එහෙම සහභාගිවෙන්න බැහැනේ. ටික කාලයක්‌ මෙතැන රැඳෙනකොට හැමදේම වෙනස්‌වෙනවා. එහෙම ලොකු ගණන් මම ඉල්ලන්නේ නැහැ. මනුස්‌සයෙකුට දරන්න පුළුවන් ගාණක්‌ තමයි මමත් ඉල්ලන්නේ. අනෙක්‌ හේතුව චරිතයක්‌ තෝරාගනිද්දී මම ගොඩක්‌ දේවල් බලනවා.

ලැබෙන හැම චරිතයම භාරගන්න සූදානම් නැහැ ? අපොයි ඔව්. ලැබෙන හැම චරිතයම භාරගන්න සූදානම් නැහැ. යමක්‌ කරන්න පුළුවන් නම් විතරයි චරිතයක්‌ භාරගන්නේ.
මුහුණුපොතේ ඉන්නේ දැනුම ඇති පිරිසක්‌ නෙමෙයි - මුතූ තරංගා මුහුණුපොතේ ඉන්නේ දැනුම ඇති පිරිසක්‌ නෙමෙයි - මුතූ තරංගා Reviewed by Animals world on 11:43:00 PM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.