කොස්‌ගම අවි ගබඩාවේ විනාශ වූ අවිවල විස්තර මෙන්න - Gossip king

Click Here>>>>

කොස්‌ගම අවි ගබඩාවේ විනාශ වූ අවිවල විස්තර මෙන්න


කොස්‌ගම සාලාවහි පිහිටි යුද හමුදා අවි ගබඩාවේ මහා විනාශයක්‌ සිදුවී ඇත. මෙයට වසර 18 කට පෙර කොස්‌ගම තුනීලෑලි කම්හල පිහිටා තිබූ ස්‌ථානයේ මෙම අවි ගබඩාව ස්‌ථාපිත කරන ලද්දේ ජනතාවගේ විරෝධය මැදය. කොස්‌ගම

 අවි ගබඩාවේ මල්ටිබැරල් රොකට්‌ යන්ත්‍ර සඳහා භාවිත කරන ග්‍රාඩ් රොකට්‌ද, මි.මී.122, 130, 152 වර්ගයේ කාලතුවක්‌කු උණ්‌ඩද මිලිමීටර් 70, මි.මී.120 මෝටාර් උණ්‌ඩද තිබූ බව අනාවරණය වේ. මේ ආයුධ ගබඩාවේ ටී 56 අවි සඳහා වූ පතරොම්වල සිට ග්‍රාඩ් රොකට්‌ දක්‌වා තිබුණා යෑයි ඉහළ පෙළේ හමුදා ආරංචි මාර්ග පවසයි.

මෙලෙස බලගතු රොකට්‌ දක්‌වා තිබූ මෙම අවි ගබඩාවේ හදිසියේ ගින්නක්‌ ඇතිවීම බරපතළ ප්‍රහේලිකාවකි. පසුගිය මැයි 31 දා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූලොග් නගරයේ ආයුධ ගබඩාව තුළ ගින්නක්‌ ඇතිවී එය මුළුමනින්ම විනාශ විය.

එය සිදුවී සතියක්‌ ගතවීමට පෙර කොස්‌ගම ආයුධ ගබඩාව මුළුමනින්ම විනාශ විය. මෙය අත්වැරදීමක්‌ හෝ විදුලි කාන්දුවීමක්‌ මත සිදුවූවක්‌ යෑයි පැවැසීමට පුළුවන.

එහෙත් වන්නි මෙහෙයුම සමයේ මෙම ආයුධ ගබඩාවට දැඩි ආරක්‍ෂක විධිවිධාන යොදවා තිබුණි. එසේ වූවත් ආයුධ ගබඩාවේ ආරක්‍ෂක කටයුතු දුර්වල තත්ත්වයක පැවැති බව පැහැදිලිය. එසේම ශ්‍රී ලංකා හමුදාවේ හෘදය වස්‌තුව වූ මල්ටිබැරල් රොකට්‌ ප්‍රහාර යන්ත්‍ර සඳහා භාවිත කරන "ග්‍රාඩ්" රොකට්‌ විශාල තොගයක්‌ ගොඩ ගසා තිබුණේ මෙම ආයුධ ගබඩාවේයි. මේ ග්‍රාඩ් රොකට්‌ වල කාලසීමාව ඉකුත්වීම නිසා ඒවා නැවත සකස්‌ කිරීමට හමුදා බලධාරීන් උනන්දුවක්‌ දක්‌වා නැත.

ගුවන් හමුදාවේ එම් අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටර්වලට මුහුණපෑමට සිදුවූයේද එම තත්ත්වයටයි. නිසි වේලාවට එකී ප්‍රහාරක හෙලිකොප්ටර් අලුත්වැඩියා කිරීමට ගුවන් හමුදා බලධාරීහු ක්‍රියාකළේ නැත.

හමුදා ආරංචි මාර්ග අනුව කොස්‌ගම අවි ගබඩාවේ තිබූ උණ්‌ඩ සහ පතරොම් වලින් වැඩි හරියක්‌ කල් ඉකුත්වූ ඒවායි. මේවා විකුණා දමන ලෙස රජය යුද හමුදාවට දැනුම් දුන්නත් ආරක්‍ෂක අමාත්‍යංශයේ ආයතනයක්‌ සමඟ පවතින කඹ ඇදිල්ලක්‌ නිසා එකී උණ්‌ඩ සහ පතරොම් කඩිනමින් විකුණා දමා නැත.

කොස්‌ගම අවි ගබඩාව යනු යුද හමුදාවේ 2 වැනි විශාලතම ආයුධ ගබඩාවයි. මේ අවි ගබඩාව ගිනිගෙන පිපිරීමේ සිද්ධිය විමර්ශනය කිරීමට රහස්‌ පොලිසියද යොදවා ඇත. එහෙත් රුපියල් කෝටි ගණනක පතරොම් හා උණ්‌ඩ ගිනිගෙන විනාශ වීම ගැන "වගකියන්නේ කවුරුන්ද?"

එසේම මේ අවි ගබඩාව හදිසියේම පිපිරීම පසුබිමේ විදේශ ඔත්තු සේවාවක්‌ ක්‍රියාත්මකවූයේද යන බරපතල ප්‍රශ්නය රජය හමුවේ පවතී. කොස්‌ගම අවි ගබඩා හයෙන් 2ක්‌ මේ වනවිට විනාශ වී ඇත. නිසි ආරක්‍ෂක විධි විධාන මත පතරොම් හා උණ්‌ඩ ගබඩා කර තිබූ බව යුද හමුදා බලධාරීන් පැවසුවත් මහාමාර්ගයක්‌ අයිනේ අවි ගබඩාවක්‌ පවත්වාගෙන යන්නේ නැත. එසේම අවි ගබඩා ස්‌ථානගත කළ යුත්තේ පොලොව යටය. එසේම සෑම අවි ගබඩාවක්‌ වටේම පවුරු ඉදිකර තිබිය යුතුය. එහෙත් කොස්‌ගම එවැනි පවුරු ඉදිකර නොතිබුණි.

වන්නි මෙහෙයුම සමයේ කොස්‌ගම අවි ගබඩාවට අත තැබීමට කොටින්ට හැකිවූයේ නැත. සාලාව ප්‍රදේශයේ බස්‌ රථයක ගමන්කළ කොටි ත්‍රස්‌තයකුද එකල අසුවිය. එසේ නම් කොස්‌ගම අවි ගබඩාව හදිසියේම ගිනිගෙන පිපිරුනේ කෙසේද?

වත්මන් ආරක්‍ෂක ලේකම්වරයා මෑතකදී පැවසුවේ ආරක්‍ෂාව දුර්වල නැති බවයි. ආරක්‍ෂාව ශක්‌තිමත් නම් කොස්‌ගම අවි ගබඩාව ගිනිගෙන පිපිරුනේ කෙසේද? එම ගින්න සුළුවෙන් ඇතිවන අවස්‌ථාවේ නිමා දැමීමට හැකියාවක්‌ නොතිබුණේද?

කොස්‌ගම හමුදා සංකීර්ණයේ ගිනි නිවීමේ යන්ත්‍රයක්‌ නොතිබුනේද? කෙසේ වෙතත් සිය ගැලවීම උදෙසා හමුදා බලධාරීන් විවිධ ප්‍රකාශ කරන බව පැහැදිලිය. එහෙත් විනාශවූයේ ජනතාවගේ ධනය බව කිවයුතුයි.

කොස්‌ගම අවි ගබඩාවේ විනාශ වූ අවිවල විස්තර මෙන්න කොස්‌ගම අවි ගබඩාවේ විනාශ වූ අවිවල විස්තර මෙන්න Reviewed by Animals world on 9:46:00 PM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.